දරුණු ගැටුමක් වැලැක්වීමට ගිය පොලිසීයට ගුටි පූජාවක් - 7 දෙනෙකුට බරපතළ තුවාල

Report

කොටගල ප්‍රදේශයේදී නොසන්සුන් ලෙස හැසිරුණු දෙපිරිසක් අතර ඇති වූ දරුණු ගැටුමක් වැලැක්වීමට සහ එය සමතයකට පත් කිරීමට ගිය දිඹුල පතන පොලිස් ස්ථානයේ රාජකාරි නියුතු පොලිස් නිලධාරීන් පිරිසකට එම පිරිස් විසින් ඉතාමත් අමානුෂික ලෙස පහර දීම හේතුවෙන් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 7 දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලීසිය පවසයි.

තලවකැලේ වටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් කොටගල නගරයේ පිහිටි ප්‍රසිද්ධ උත්සව ශාලාවක අද 17 වැනිදා දින විශේෂ විවාහ මංගල උත්සවයක් පවත්වා ඇති අතර එහිදී එම මංගල සාදයට පැමිණ අධික ලෙස බීමත්ව සිටි ඥාතීන් සහ මිතුරන් ඇතුළත් දෙපිරිසක් අතර පස්වරු 4:00 ට පමණ හදිසියේම බහින්බස්වීමක් සිදුවී එය පසුව මහා ගැටුමක් දක්වා දුරදිග ගොස් තිබේ.

තැන් තැන්වල කියවන්නැතුව එදාට උසාවි වරෙල්ලා - නාමල් 159ටම අභියෝග කරයි

තැන් තැන්වල කියවන්නැතුව එදාට උසාවි වරෙල්ලා - නාමල් 159ටම අභියෝග කරයි

එම අවස්ථාවේදී උත්සව ශාලාව අසල සාමය ආරක්ෂා කිරීමේ පොදු රාජකාරියේ නියුතුව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා වහාම මැදිහත් වී මෙම ගැටුම සමතයකට පත් කිරිමට දැඩි උත්සාහයක නිරත වී ඇති අතර එහිදී කුපිත වූ එම බීමත් දෙපිරිසම එකතු වී අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනාට බරපතළ ලෙස පහර දී තුවාල සිදු කර ඇත.

පසුව තුවාල ලබා අනතුරට ලක්ව සිටි එම පොලිස් නිලධාරීන් දෙදෙනාව එම ස්ථානයෙන් බේරා ගැනීම සඳහා දිඹුල පතන පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු තවත් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් අතිරේක බලඇණි ද සමඟින් එම ස්ථානයට කඩිනමින් පැමිණ තිබේ.

එහිදී එම කලහකාරී පිරිස් විසින් පැමිණි ස්ථානාධිපතිවරයා ඇතුළු අනෙකුත් නිලධාරීන්ට ද පොලු මුගුරුවලින් ඉතාමත් දරුණු ලෙස පහර දී ඇති අතර එහිදී පොලිස් නිලධාරීන් වෙත එල්ල වූ එම බරපතළ පහරදීමට සෘජුවම සම්බන්ධ වූ ප්‍රධාන සැකකරුවන් තිදෙනෙකු ඉතාමත් දැඩි පරිශ්‍රමයක් දරා එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගැනීමට දිඹුල පතන පොලිස් කණ්ඩායම සමත් විය.

මේ අතරවාරයේදී අහිංසක රාජකාරි නියුතු දිඹුල පතන පොලිසියේ නිලධාරීන්ට මෙම බීමත් පිරිස ඉතාමත් නින්දිත ලෙස පහර දෙන අයුරු දුටු කොටගල නගරයේ ප්‍රදේශවාසීන් සහ වෙළෙඳ මහතුන් වහාම ක්‍රියාත්මක වී එම පහර දීමට සම්බන්ධ වූ තවත් ප්‍රචණ්ඩ සැකකරුවන් තිදෙනෙකු වටකර අල්ලාගෙන දිඹුල පතන පොලිසිය වෙත නිල වශයෙන් භාර දී තිබේ.

විශේෂ දැනුම්දීමක් - හෙට මේ දීමනාව සියලුම දෙනාගේ බැංකු ගිණුම්වලට

විශේෂ දැනුම්දීමක් - හෙට මේ දීමනාව සියලුම දෙනාගේ බැංකු ගිණුම්වලට

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සමස්ත සැකකරුවන් 6 දෙනා ඉදිරි නීතිමය පියවර සඳහා ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය නියමිතය.