අඩු ආදායම් ලාභී පවුල් සඳහා චෙක්පත් ප්‍රධානයක්
කැලණිය ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ ජීවත්වන, විශේෂයෙන්ම තෝරාගනු ලැබූ නිවාස අහිමි අන්ත අසරණ අඩු ආදායම්ලාභී පවුල් සඳහා මූල්‍ය ආධාර චෙක්පත් නිල වශයෙන් ප්‍රදානය කිරීම අද 17 වැනිදා දින කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ඉතාමත් සාර්ථක අන්දමින් පවත්වා තිබේ.
රජය මඟින් අලුතින්ම හඳුන්වා දුන් තමන්ගෙම තැනක් ලස්සන ජීවිතයක් නැමැති සුවිශේෂී ජාතික නිවාස වැඩසටහන යටතේ නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යාංශය සහ ඊට අදාළ අනෙකුත් රේඛීය අමාත්‍යාංශ ඒකාබද්ධව දිවයින පුරා වෙසෙන නිවාස අහිමි අඩු ආදායම්ලාභී පවුල් 30000 ක් සඳහා මෙම ස්ථීර නිවාස ආධාර ලබා දීමට විශාල සැලසුම් සකස් කර ඇත.
ඒ අනුව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟින් සමස්ත ගම්පහ දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි සුදුසුකම්ලත් පවුල් 1058 ක් මෙම මූල්‍ය ප්‍රතිලාභ ලබාදීම සඳහා ඉතාමත් විනිවිදභාවයකින් යුතුව තෝරාගෙන ඇති බවයි නිල වශයෙන් සඳහන් වන්නේ.