'' වැඩ බැරිවෙනකොට මර්ධනය පාවිච්චි කරනවා '' නාමල් රාජපක්ෂගෙන් ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්
ඉතිහාසයේ වැඩියෙන්ම බොරු කියපු ආණ්ඩුව මේ ආණ්ඩුව බවත් සමාජ මාධ්‍ය බැලුවහම ඒ බව දැකගැනීම හැකියාව ලැබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සදහන් කර තිබේ.
එතුමා මේ පිළිබද ප්‍රකාශ කර ඇත්තේ මොරටුව පැවති රැස්වීමට සහභාගී වෙමිනි .
මේ පිළිබද තව දුරටත් එතුමා සදහන් කළේ මෙවන් අදහසක්
''හැම කාරණයක්ම යටපත් කරන්න ජනතාවගේ ප්‍රශ්න යට කරන්න ආණ්ඩුව දැඩි වෙහෙසක් ගන්නවා සමස්ථ රාජ්‍ය බලයම ඒ ගොල්ලො යොදවන්නේ නොහැකියාව පෙන්වන්න . තරුණයන්ගේ රැකියා ප්‍රශ්න වෙනුවට ව්‍යවසායකයා නගාසිටුවන්න උත්සහ කරනවා වෙනුවට ආණ්ඩුව උත්සාහ කර්න්නේ මර්ධනයෙන් දේශපාලනය අරගන යන්න . ත්‍රී රෝද රථ කරුවෝ ඉල්ලීමක් අරගන ගියොත් ,වි.වි ශිෂ්‍යයෝ ඉල්ලීමක් කළොත් මර්ධනය කරනවා . වැඩ බැරිවෙනකොට මර්ධනය පාවිච්චි කරනවා .
අපි වැඩ කරපු දේශපාලන පක්ෂයක් .රටේ හැම පාරක්ම හදන්න අපේ ආණ්ඩුව කටයුතු කළා . ජනතාව වෙනුවෙන් අපේ ආණ්ඩුව පෙනී ඉන්නවා.
ඩෙංගු රෝගය ඉතාමත් සීඝ්‍රයෙන් පැතිරෙනවා . මගෙ යලුවෙක්ගෙ දරුවෙකුට ඩෙංගු හැදිලා ප්‍රාදේශීය සභාවට කිව්වහම දුම් ගහන්න රෝගීන් 10 ක් ඉන්න ඕනෙලු .
හැම ක්ෂේත්‍රයක්ම කඩා වැටිලා තියන්නේ. ඒවගේම ලෝකෙ කාලගුණයෙන් අනාවැකි කියලා තියනවා ඉදිරියට එන උෂ්ණත්ව කාලගුනය ගැන කියලා තියනවා ඒකට මොනවද අරන් තියන පිළියම් ගොවීන්ට සහන දීලා තියනවද? ''