ලංකාවේ මාධ්‍ය කලාව වෙනස්ම මගකට - සියදිවි නසාගැනීම් වාර්තාකරණය ගැන නියෝජ්‍ය ඇමතිනියගෙන් විශේෂ තීරණයක්

Report

සියදිවි නසාගැනීම් වළක්වා ගැනීම හුදෙක් සෞඛ්‍ය ක්ෂේත්‍රයට පමණක් සීමා නොවූ, මුළු මහත් දේශයේම හවුල් වගකීමක් බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න සඳහන් කර ඇත.

  එම වගකීම පෙරදැරිව මාධ්‍යවේදීන් උදෙසා පැවැති “සියදිවි නසාගැනීම් සම්බන්ධයෙන් වගකීම් සහගත මාධ්‍ය වාර්තාකරණය” පිළිබඳ විශේෂ වැඩමුළුව ඊයේ දින පවත්වා තිබේ .

මෙහි ප්‍රධාන අරමුණ බවට පත්වෙනුයේ මාධ්‍ය නිදහස සුරකිමින්ම රට තුළ සදාචාරාත්මක සහ වගකීම් සහගත මාධ්‍ය සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීමයි. නොගැලපෙන හෝ අනවශ්‍ය ලෙස සංවේදී කරුණු ඉස්මතු කරමින් සිදුකරන වාර්තාකරණයන් නිසා මානසිකව වැටී සිටින පුද්ගලයින් තවදුරටත් අසරණ වීම වැළැක්වීමේ වැදගත්කම මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

ජනමාධ්‍ය සතු සන්නිවේදන බලය යොදාගත යුත්තේ පීඩාවට පත් වූවන් උපකාර පැතීමට යොමු කිරීම සහ මානසික සෞඛ්‍ය ගැටලු පිළිබඳ සමාජයේ පවතින දුර්මත දුරු කිරීමටයි.

මෙහි අවසාන අපේක්ෂාව බවට පත්වානුයේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය යන ක්ෂේත්‍ර ද්විත්වයම එක්ව දේශීය සංස්කෘතියට ගැළපෙන හොඳම වාර්තාකරණ මාර්ගෝපදේශයන් ඔස්සේ පොදු එකඟතාවයකට පැමිණීමයි