සංචාරක සංවර්ධන අධිකාරියෙන් සුබ පණිවිඩයක්
මේ වසරේ (2025) නොවැම්බර් පළමු දින 9 තුළ 61,890ක විදෙස් සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කර ඇති නවතම සංඛ්‍යාලේඛනවලට අනුව මේ වසර මුල සිට මේ දක්වා මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව 1952577 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සදහන් කරයි.
නොවැම්බර් මාසයේ පළමු දින 09 තුළදී 7,742ක වැඩිම සංචාරක පැමිණීමක් නෙැවැම්බර් 8 වැනි දිනයේ වාර්තා වී ඇත.
එම කාලසීමාව තුළ වැඩිම සංචාරක පැමිණීමක් වාර්තා වී ඇත්තේ ඉන්දියාවෙනි.
ඒ අනුව ඉන්දියාවෙන් මෙරටට 15541ක සංචාරක පිරිසක් පැමිණ තිබේ.