දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමිවූවන්ට රජයෙන් සුබ පණිවිඩයක්

Report

දිට්වා' සුළි කුණාටුවේ සැඩ පහරින් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් නව ජීවන පරිච්ඡේදයක් ආරම්භ වීමට නියමිතයි.

රජයේ 'Rebuilding Sri Lanka' මහා ව්‍යාපෘතියේ තීරණාත්මක පියවරක් ලෙස, කෑගල්ල, මහනුවර, නුවරඑළිය සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල අවතැන් වූ පවුල් දහසකට සෙවණ සලසන අන්තර් නිවාස ව්‍යාපෘතිය ලබන මැයි මස මුල් සතියේදී සිය මෙහෙයුම් අරඹනු ලබයි.

මෙය හුදෙක් ගොඩනැගිලි පෙළක් නොව, සොබාදහමේ අභියෝග හමුවේ නොසැලෙන මිනිස් ශක්තියේ සහ රාජ්‍ය මැදිහත්වීමේ සංකේතයකි.

දුම්රියේ යන අයට විශේෂ නිවේදනයක් - දුම්රිය ප්‍රමාධයි

දුම්රියේ යන අයට විශේෂ නිවේදනයක් - දුම්රිය ප්‍රමාධයි

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතාගේ සෘජු මඟපෙන්වීම යටතේ, ශ්‍රී ලංකා යුද හමුදාවේ අභිමානවත් ඉංජිනේරු ශිල්පය සහ අසමසම ශ්‍රම දායකත්වය මෙම ඉදිකිරීම් සඳහා පූර්ණ ශක්තියක් සපයයි.

ආරක්ෂාව පිළිබඳව දැඩි විශ්වාසයක් තැබීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) තාක්ෂණික සහතිකය සහිත සුදුසුම භූමියන් තෝරාගැනීම මේ වන විටත් අවසන් අදියරේ පවතින අතර, විනිවිදභාවය සහ උසස් ප්‍රමිතිය සුරැකෙන පරිදි මෙම නිවාස ජනතා අයිතියට පැවරීම රජයේ එකම අරමුණයි.

මේ හැක් කිරීම Firewall බිඳ ඇතුළුවීමක් නෙවෙයි,ඉතාම ප්‍රාථමික රැවටීමක් - අජිත් පී. පෙරේරා

මේ හැක් කිරීම Firewall බිඳ ඇතුළුවීමක් නෙවෙයි,ඉතාම ප්‍රාථමික රැවටීමක් - අජිත් පී. පෙරේරා