ටී 56ක් පොලිස් බාරයට.
Police spokesman
Sri Lanka Police
Sri Lanka
By Hashini
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර නොහොත් 'ගණේමුල්ලේ සංජීව'ගෙන් මේ වනවිට සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් පසු පොලිසිය ටී56 වර්ගයේ ගිනිඅවියක් සොයාගෙන තිබෙනවා.
පොලිසිය අනාවරණය කරන්නේ අදාළ ගිනිඅවිය ගම්පහ ඇතුළු ප්‍රදේශ රැසක ඝාතනවලට යොදාගත් ගිනිඅවිය බවයි.
ගණේමුල්ලේ සංජීව පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන්නේ බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ අධීක්ෂණය යටතේය.
මේ අතර ගනේමුල්ල සංජීව මේ වනවිට වීරඟුල පොලිසියේ රඳවා සිටින්නේ ඔහු සිදුකළ අපරාධ රැසක් ගම්පහ දිස්ත්‍රික්කය ආශ්‍රිතව වාර්තා වන බැවිනි.
ආරක්ෂක අමාත්‍යාංශය පසුගියදා අවසර ලබා දුන්නේ, ගනේමුල්ලේ සංජීව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමටයි.
