පොලිස් නිලධාරීන් 51කට ඒ.එස්.පී. තනතුරු

Report

සහකාර පොලිස් අධිකාරීවරුන් බඳවා ගැනීමේ සීමිත තරග විභාගයට මුහුණ දුන් ඉහළින් සමත් වූ පොලිස් නිලධාරීන් 51 දෙනෙකු සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස උසස්වීම් ලබා ඇත.

මෙම උසස්වීම් ලේඛනය ඉදිරි පැය කිහිපය තුළ පොලිස් මූලස්ථානය විසින් නිකුත් කිරීමට නියමිතය. ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් අනුමැතිය ලබාදුන් එම ලේඛනය ඊයේ (23) සවස පොලිස් මූලස්ථානය වෙත යොමු කර තිබිණි.

"බරපතළ නැහැ වයස නිසා රුධිර පීඩනය ඉහළට" - වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ

"බරපතළ නැහැ වයස නිසා රුධිර පීඩනය ඉහළට" - වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ

2023 වසරේ පැවති සීමිත තරග විභාගයෙන් උසස්වීම් ලබාගත් නිලධාරීන් අතර කාන්තා නිලධාරීන් දෙදෙනෙකු සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් තිදෙනෙකු සිටින බව පොලිස් ආරංචි මාර්ග හෙළි කළේය.

දැනට සේවයේ නිරත පොලිස් පරීක්ෂකවරුන් සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 2000කට ආසන්න පිරිසක් මෙම සීමිත තරග විභාගයට මුහුණ දී ඇති අතර, ඉන් ඉහළම ලකුණු ලබාගත්, නොකැළැල් සේවා වාර්තාවක් ඇති නිලධාරීන් සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස තෝරා ගනු ලැබ ඇත.

තැපැලේ වර්ජනයෙන් රටට මිලියන 100කට වැඩි පාඩුවක්

තැපැලේ වර්ජනයෙන් රටට මිලියන 100කට වැඩි පාඩුවක්

තැපෑල මෙච්චර වර්ජනය කරද්දි ආණ්ඩුව සත පහකට ගණන් නොගෙන ඉන්න හේතුව මේකයි

තැපෑල මෙච්චර වර්ජනය කරද්දි ආණ්ඩුව සත පහකට ගණන් නොගෙන ඉන්න හේතුව මේකයි