හිටපු ඇමතිවරුන් භාවිත කළ නිල නිවාස 50ක් රාජ්‍ය ආයතන සඳහා යොදා ගැනීමට සැලසුම්
හිටපු ඇමතිවරුන් භාවිත කළ නිල නිවාස 50ක් ඉදිරියේදී රජයේ ආයතනවලට හෝ වෙනත් ආර්ථික කටයුතු සඳහා යොදා ගැනීමට සැලසුම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
පසුගිය රජයේ ඇමතිවරුන් භාවිත කළ නිල නිවාස රාජ්‍ය ආයතනවල භාවිතයට යොදා ගැනීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා පැවැත්වෙමින් පවතී.
ඒ අනුව, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ඊයේ (08) කොළඹ - මලලසේකර මාවතේ සහ කැප්පෙටිපොළ පාරේ පිහිටි හිටපු ඇමතිවරයෙකුගේ නිල නිවාස පරීක්ෂා කර ඇත.
