වතු කම්කරුවන්ට පර්චස් 10ක ඉඩම්.. කැබිනට් යෝජනාව සාකච්ඡාවට - ඇමති සමන්ත
වතු කම්කරුවන්ට මෙන්ම වතු කාර්යමණ්ඩලයට විශ්‍රාම යෑමේ දී පර්චස් 10ක ඉඩම් කැබැල්ලක් ලබාදීමට යෝජිත කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත්, එය දැනට සාකච්ඡාවට බඳුන්ව ඇති බවත් වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ලංකා වතු සේවක සංගමයේ 105 වැනි සංවත්සර උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් ය.

නාමල් දැන් ජනප්‍රියයි.. ඒකයි බොරුවට මඩ ගහන්නේ, මම කවදාවත් පොහොට්ටුවට විරුද්ධව කතා කරන කෙනෙක් නෙවෙයි - රෝහිත
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, වසර 76ක රටේ දේශපාලන ක්‍රමවේදය වෙනස් කරමින්, නව රජය යටතේ ආර්ථිකය ඉහළ දැමීමට කටයුතු කර ඇති බවයි.
රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන වතු කම්කරුවන්ගේ වැටුප් රු. 1750 දක්වා වැඩි කිරීමට වතු සමාගම් සමඟ සාකච්ඡා පැවැත්වූ බවත්, ඒ සමගාමීව වතු කාර්යමණ්ඩලයේ වැටුප්ද වැඩි කිරීමට පියවර ගන්නා බවත් ඔහු පැවසීය.
2030 වන විට තේ සහ පොල් නිෂ්පාදනය වැඩි කිරීමට අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
උත්සවයට සහභාගි වූ ලංකා වතු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් චතුර සමරසිංහ මහතා පැවසුවේ, රටේ ආර්ථිකය ඉහළ දැමීමට සහ සංවර්ධනය වෙනුවෙන් රජය ගන්නා ඕනෑම තීරණයකට තම සංගමයේ සහය ලබාදෙන බවයි.
මෙම අවස්ථාවට සංගමයේ සභාපති නිශාන්ත වන්නිආරච්චි මහතා ඇතුළු සාමාජිකයන් විශාල පිරිසක් සහභාගි වූහ.