මුල් මාස 10 තුළ පමණක් මනුෂ්‍ය ඝාතන 488ක්...
පසුගිය වසරේ මුල් මාස දහයේදී මනුෂ්‍ය ඝාතන 488ක් වාර්තාවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නව වාර්තාවක සඳහන් වන අතර, ඉන් ඝාතන 52ක්ම වෙඩි තැබීම් හේතුවෙන් සිදුවී ඇත.
තංගල්ල නුගේගොඩ ගම්පහ, රත්නපුර හා ඇල්පිටිය යන පොලිස් කොට්ඨාස පහේ පිළිවෙළින් 32,27,24,24,20 වශයෙන් මනුෂ්‍ය ඝාතන ඉහළ සංඛ්‍යාවක් වාර්තාවී තිබූ බව එම වාර්තාව සඳහන් ය.
එමෙන් ම, 2018- 2022 අතර කාල පරිච්ඡේදයේදී දිවයින පුරා බරපතල තුවාල සිදු කිරීම් හා මනුෂ්‍ය ඝාතන 7017ක් වාර්තාවී ඇත.
මේ අතර පසුගිය වසර හයක කාලය සැලකිල්ලට ගැනීමේ දී ගෙවල් බිඳීම් ආ කොල්ලකෑම් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ පසුගිය වසරේදීය.
2018 වර්ෂයට සාපේක්ෂව පසුගිය වසරේදී එම අපරාධවල සියයට පනහක පමණ වර්ධනයක් පෙන්නුම් කෙරුණු බව ජාතික විගණන කාර්යාලය පවසයි.
2022 වර්ෂයට සාපේක්ෂව පසුගිය 2023 වසරේදී සියයට විසි හතකින් වැඩිවී තිබූ බව පවසන එම වාර්තාව ස්ත්‍රී දුෂණ සංඛ්‍යාව 182 සිට 226 දක්වා ඉහළ ගොස් තිබූ බවද සඳහන් කරයි.
කාන්තාවන්ට බරපතල තුවාල කිරීම් සංඛ්‍යාව 154 සිට 221 දක්වා ද පිහි ආදියෙන් තුවාල කිරීම් සංඛ්‍යාව 74 සිට 96 දක්වා ද බරපතල ලිංගික අපයෝජන සංඛ්‍යාව 21 සිට 37දක්වා ද වර්ධනය වී තිබූ බව එම වාර්තාව අනාවරණය කරයි.
ශ්‍රී ලංකා පොලිසියේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේ මේ තොරතුරු සඳහන් වන්නේ ය.
