ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් සේවා සඳහා ඒකාබද්ධ කාලසටහනක්

Colombo Srilanka Bus Latest Headlines Sinhala news gagana news
By Shehan Aug 25, 2025 02:22 AM GMT
Shehan

Shehan

Report

ලංකා ගමනා ගමන මණ්ඩලය (ශ්‍රී ලංගම) සහ පෞද්ගලික අංශයේ දුරගමන් සේවා බස් රථ ඒකාබද්ධ කාලසටහනක් යටතේ ක්‍රියාත්මක කිරීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව (NTC) තීරණය කර ඇත.

මෙම ඒකාබද්ධ කාලසටහන් ක්‍රමය යටතේ පහත සඳහන් ගමන් මාර්ග ආවරණය වේ:

කොළඹ - හලාවත, කොළඹ - පුත්තලම, කොළඹ - ආනමඩුව, කොළඹ -එළුවන්කුළම, කොළඹ - කල්පිටිය, මීගමුව - කල්පිටිය, කොළඹ - මන්නාරම, කොළඹ - තලෙයිමන්නාරම, කොළඹ - කුලියාපිටිය, කොළඹ - නිකවැරටිය, කොළඹ - කුළියාපිටිය, කොළඹ - අනුරාධපුර, කොළඹ - වව්නියාව, කොළඹ - කිලිනොච්චිය, කොළඹ - යාපනය, කොළඹ - කන්කසන්තුරේ, කොළඹ - කරෙයිනගර්, කොළඹ - තුන්නුක්කායි, යන ගමන් මාර්ග මෙම ඒකාබද්ධ කාලසටහන් ක්‍රමය යටතේ ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ බස් කාලසටහන්

සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ බස් කාලසටහන්

ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති පී.ඒ. චන්ද්‍රපාල මහතා පවසන පරිදි, මෙම ගමන්වාර අද (25) මධ්‍යම රාත්‍රියේ සිට කොළඹ බැස්ටියන් මාවතේ පිහිටි පෞද්ගලික බස් රථ අංගනයේ සිට ආරම්භ වේ.

මෙම ඒකාබද්ධ කාලසටහන් ක්‍රමය යටතේ, බස් රථ රියදුරන්ට පැය 4,5ක ධාවන කාලයකින් පසු නිශ්චිත ස්ථානවල විවේක ගැනීම සඳහා ප්‍රතිපාදන සලසන බවද චන්ද්‍රපාල මහතා සඳහන් කළේය.

එසේම, මගීන්ගේ සුවපහසුව සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා, බස් රථවල ගමන් ගන්නා මගීන්ට සෞඛ්‍යාරක්ෂිත ආපන ශාලාවල ආහාර පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් නිරන්තර නියාමනයක් සිදු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

පොලිස් නිලධාරීන් 51කට ඒ.එස්.පී. තනතුරු

පොලිස් නිලධාරීන් 51කට ඒ.එස්.පී. තනතුරු

මෙම ඒකාබද්ධ කාලසටහන් ක්‍රමය මගින් මගී ප්‍රවාහන සේවාවල කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීම අපේක්ෂා කෙරේ. තවදුරු තොරතුරු සඳහා ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය (www.ntc.gov.lk) හෝ 011-2587372 ඇමතුම් අංකය හරහා සම්බන්ධ විය හැකිය. 

තැපෑල මෙච්චර වර්ජනය කරද්දි ආණ්ඩුව සත පහකට ගණන් නොගෙන ඉන්න හේතුව මේකයි

තැපෑල මෙච්චර වර්ජනය කරද්දි ආණ්ඩුව සත පහකට ගණන් නොගෙන ඉන්න හේතුව මේකයි

අද දිනය ඔබට වාසනාව රැගෙන එයි - මේ ලග්න වලට විශේෂ දියුණුවක්

අද දිනය ඔබට වාසනාව රැගෙන එයි - මේ ලග්න වලට විශේෂ දියුණුවක්