විරෝධතාවයක් මැඩලන්න 45,000 කට අධික පොලිස් බල ඇණියක් වහාම කැඳවයි. (විදෙස්)
By krishani
ප්‍රංශයේ විරෝධතා පාලනයට 45,000 කට අධික පොලිස් බල ඇණියක් කැඳවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
එම විරෝධතාවයෙන් දහසකට අධික පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර අවුරුදු 13ත් 18ත් අතර වයස්වල පසුවන්නන් සිටියි.
මෙම විරෝධතාවයන් හට ගැනීමට ප්‍රධාන හේතුව වූයේ, පැරිස් නුවර මාර්ග බාධකයක දී අණ නොතකා මෝටර් රථයක් ධාවනය කළ 17 හැවිරිදි පිරිමි ළමයෙකුට පොලිස් නිලධාරියෙකු විසින් වෙඩි තබා ඝාතනය කිරීමයි.