නිලධාරින් 400ක් පොලිසියෙන් දොට්ට - හේතුව මෙන්න
පොලිස් සේවයේ නියුතුව සිටි දූෂිත නිලධාරීන් හතරසියයක් පමණ මේ වනවිට පොලිස් සේවයෙන් ඉවත්කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එල්.යූ. වුට්ලර් ප්‍රකාශ කරයි.
විෂ මත්ද්‍රව්‍ය හා ඒ හා සම්බන්ධ කළු ආර්ථිකය පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති සාකච්ඡාවට එක්වෙමින් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම තොරතුරු සඳහන් කර ඇත.
සමස්ත පොලිස් සේවය තුළ නිලධාරීන් අතර අසූදහසක් පමණ සිටින අතර, දූෂිත නිලධාරීන් හඳුනාගනිමින් ඔවුන්ට එරෙහිව පියවර ගැනීම පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ සිදුකරන බවද ඔහු පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, පොලිස් සේවයේ සෑම නිලධාරියකුගේම ක්‍රියාකලාප පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන අතර, ඕනෑම දූෂිත නිලධාරියකුට තරාතිරම නොබලා විනය පියවර ගැනීමට දෙපාරක් නොසිතන බවයි.