මේ වන්දි මුදල වැඩි කරලා මෙන්න - සුබ ආරංචියක්
විවිධ රෝග හේතුවෙන් කපා ඉවත් කරන පොල් ගසක් වෙනුවෙන් ලබාදෙන මුදල රුපියල් දස දහසක් දක්වා වැඩිකර ඇති බව පොල් වගා කිරීමේ මණ්ඩලය ප්‍රකාශ කරයි.
ඒ අනුව මීට පෙර ඒ සඳහා දෙනු ලැබුවේ රුපියල් තුන් දහසකට ආසන්න මුදලක් බව වාර්තා වේ.
ඊට අමතරව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා ප්‍රකාශ කළේ මාතර දිස්ත්‍රික්කයෙන් - වැලිගම කොලමැලවීමේ රෝගය වැළඳුන ගස් පන් දහසක් හඳුනාගෙන ඇති බවයි.
එමෙන්ම ඉවත් කරන ගස් සඳහා ප්‍රතිරෝධී ශාඛ ලබාදෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.