මේ ප්‍රදේශයේ ජනතාවට විශේෂ නිවේදනයක්
ගිං සහ නිල්වලා ගංගා ද්‍රෝණිවල ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් සුළු ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
නිල්වලා ගංගා ද්‍රෝණියේ ජල මට්ටම හේතුවෙන් ඉදිරි පැය 24 තුළ පස්ගොඩ, කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය සහ තිහගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවත්, නෙළුව, තවලම, නාගොඩ, නියාගම, වැලිවිටිය–දිවිතුර, ඇල්පිටිය සහ අක්මීමන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවද අවධානයෙන් පසුවිය යුතු බවද දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර තිබේ.