පරණ ත්‍රීරෝද රථයක් තියෙනවද එහෙනම් සුපිරි වාසියක්
විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පවසන්නේ ඉන්ධන භාවිතකරන පැරණි ත්‍රීරෝද රථ විද්‍යුත් ක්‍රමවේදයට පරිවර්ථනය කිරීම සඳහා රජය මගින් වැඩපිළිවලක් ආරම්භ කර ඇති බවයි.
එමෙන්ම ත්‍රීරෝද වහලය මත සූර්ය පැනල සවිකිරීම සම්බන්ධයෙන් අවදානය යොමුව ඇති බවත් හෙතෙම පැවසීය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා,
"පෙට්‍රල් භාවිතාකරන පැරණි ත්‍රීරෝද රථ විද්‍යුත් ක්‍රමවේදයට පරිවර්තනය කිරීම ලොකු වාසියක්. එම රථ තවදුරටත් පදින්න පුළුවන්. පෙට්‍රල් වියදමක් නෑ. කිලෝමීටරයට රුපියල් 5ක වගේ ගාණක් තමයි යන්නේ. මේ ක්‍රමයෙන් පුළුවන් කිලෝ මීටර 100ක් විතර යන්න. පරිවර්ථනයට ලක්ෂ 8ක වගේ ගාණක් යන්නේ" යැයි පැවසීය. මෙහිදී අමත්‍යවරයා තවදුරටත් පවසා සිටියේ, නර්ඩ් ආයතනය මගින් දැනටමත් නව විද්‍යුත් ත්‍රිරෝද රථයක් ද නිර්මාණය කර ඇති බවය. පෞද්ගලික අංශය සමග එක්ව එම රථය තවදුරටත් වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු පැවසීය. අමාත්‍යවරයා හෙළිකළ තවත් කරුණක් වූ ත්‍රීරෝද රථ වහලය මත සූර්ය පැනල සවිකර, ඒ තුළින්ම ත්‍රීරෝද රථ ධාවනය කිරීමේ සැලසුමක්ද ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවය. ඒ පිළිබඳ පර්යේශන කරමින් සිටින බවත්, එහි සාර්ථකත්වය මෙරටට වටිනා ආයෝජනයක් බව හෙතෙම සඳහන් කළේය.