මිචෙල් රඟන ''අදිරන් '' සිනමා පටය 28 වන දා
‘අදිරන්’ සිනමා නිර්මාණය සිංහල සහ දමිළ භාෂා ද්විත්වයෙන් එළැඹෙන නොවැම්බර් 28 වැනිදා සිට තිරගත කිරීමට නියමිතව තිබේ .
මෙම සිනමාපටය ඇන්ටන් රමේෂ් ඩෙලසෙල්ෆ් නිෂ්පාදනය සිදුකර තිබේ.
ඒ වගේම තිනේෂ් කනගරාජ් අධ්‍යක්ෂණය සහ තිර රචනය සිදු කර ඇති බව වාර්තා වේ.
එහි සුවිශේෂීත්වය වන්නේ ලාංකීය දක්ෂ රංගන ශිල්පිනී මිචෙල් දිලහාරා මේ සඳහා රංගනයෙන් දායක වීමයි .
මීට අමතරව මෙහි රංගනයෙන් දායක වී ඇති ශිල්පීන් ශිල්පිනියන් වනුයේ සුදර්ශන් රවීන්ද්‍රන්, එල්. රෝයි අමලතාස්, ක්‍රිෂාන් විනෝදන්, ශ්‍යාමලා නිරංජන්, අරුන් සුසීන්, ජමාල්ඩීන්, මුසාමිල්, සෙල්වරාජ් ලීලා, දුලාෂි කෝන්ගහවත්ත, ඩිලාන් බාලකුමාර් යන අයයි.
මෙම සිනමාපටයෙහි කනීර් රාජසේකරම්ගේ කැමරාකරණයෙන් දායක වී තිබේ.
ඒ වගේම එස්. ආර්. තුෂීකරන්ගේ සංස්කරණයෙන් ද අල්විස් ක්ලින්ටන් සටන් අධ්‍යක්ෂණයෙන් ද කළයි මයිල් අංග රචනයෙන් ද සුකීර්තන් ක්‍රිස්තුරාජා මෙම සිනමාපටයට දායකත්වය දක්වා ඇත.
තවද ‘අදිරන්’ සිනමාපටය සදහා ජෙනෝෂන් සාරි ප්‍රකාශ්, ධරණීය කුමුදිනී සහාය අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වී තිබේ.
බොහෝ දෙනෙක්ගේ ප්‍රියතම නිළියක් වන මිචෙල් දිලහාරා මෙම සිනමාපටයෙහි දායක වන නිසා බොහෝ ප්‍රේක්ෂකයන් මෙම නිර්මාණය නැරඹීමට ආශාවෙන් බලා සිටියි.
