පළාත් පාලන ආයතන රැසක් ලොකු ප්‍රශ්නෙක - පවත්වාගෙන යාමත් දැඩි ගැටලුවක්
පළාත් පාලන ආයතන තිහකට ආසන්න සංඛ්‍යාවක අයවැය පරාද වීම නිසා එම සභා පවත්වාගෙන යෑමේ දැඩි ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බව සඳහන්.
මේ තත්ත්වය හේතුවෙන් එම සභා පවත්වාගෙන යෑමට ඒවායේ ප්‍රධානීන් නීති උපදෙස් ගනිමින් සිටින බව ආරංචි මාර්ග පවසයි.
එමෙන්ම රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන්ද එම සභාවලට අවශ්‍ය උපදෙස් නිකුත් කර ඇති බව සඳහන්.
මෙසේ අයවැය පරාජයට පත් වූ පළාත් පාලන ආයතන වැඩි සංඛ්‍යාවක් ජාතික ජන බලවේගයේ පාලනය යටතේ පවතින ඒවා බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අභයරත්න මහතා පැවසුවේ පළාත් පාලන ආයතනවල අයවැය දෙවතාවක් පරාජයට පත් වුවත් ඒවා පවත්වාගෙන යෑමේ හැකියාවක් සභාපතිවරයාට ඇති බවයි.
එසේම ආනමඩුව ප්‍රාදේශීය සභාවේ බලය නීතිපතිවරයාගේ උපදෙස් ලැබුණ වහා පිහිටු වීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළා.