පොලිස් සැරයන්වරයෙක් අල්ලස් ගනිද්දීම මාට්ටු

Report

වවුනියාව නෙඩුන්කේණී පොලිසියේ සේවය කළ පොලිස් සැරයන්වරයකු අල්ලස් හෝ දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කොට ඇත.

මෙම  පොලිස් සැරයන්වරයා නෙඩුන්කේණී ප්‍රදේශයේ පදිංචිකරුවකුට එරෙහිව තිබූ පැමිණිල්ලක් විභාග නොකොට සිටීමට රුපියල් දස දහසක මුදලක් ඉල්ලා තිබේ .

එම මුදළින් ඉන් රුපියල් පන්දහසක මුදලක් ලබා ගනිද්දී සැරයන්වරයාව නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

තවද   මහේස්ත්‍රාත්වරයා   නියෝග කළේ එම පොලිස් සැරයන්වරයාව රිමාන්ඩ් භාරයේ තබන ලෙසයි.

මෙම සිද්ධිය සම්බන්ධව අල්ලස් හෝ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් පරීක්ෂණ පවත්වනු ලබයි.

උණාකූරුවේ ශාන්ත නමැති පාතාල නායකයාගේ මාමා සහ නැන්දණිය ඝාතන සිද්ධියට සැකකරුවන් දෙදෙනෙක් කොටු

උණාකූරුවේ ශාන්ත නමැති පාතාල නායකයාගේ මාමා සහ නැන්දණිය ඝාතන සිද්ධියට සැකකරුවන් දෙදෙනෙක් කොටු

ඉන්දියාවෙන් යාපනයට රැගෙන ආ කේරළ ගංජා තොගය සැකකරුවන් සමග අත්අඩංගුවට

ඉන්දියාවෙන් යාපනයට රැගෙන ආ කේරළ ගංජා තොගය සැකකරුවන් සමග අත්අඩංගුවට