නායයෑමකින් සිව් දෙනෙක් සිටි නිවසක් සම්පූර්ණයෙන් යටවෙයි(PHOTOS/VIDEO)

KEGALLE LANDSLIDE RABUKKANA PRADEEP KODIPPILI
By Sewvandhi Nov 09, 2021 02:44 AM GMT
Sewvandhi

Sewvandhi

Report

UPDATE-:

මෙම අනතුරෙන් මව සහ අට හැවිරිදි සහ දාහතර හැවිරිදි දියණියන් දෙදෙනා මියගොස් ඇති බව වාර්තා වනවා.එමෙන්ම පියා දැඩි ලෙස අනතුරට ලක්ව රෝහල් ගත කර තිබෙනවා. 

පියා මේ වන විට කෑගල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.  


-------------------------------------------------------------------------

කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් රැසක් අතුරුදන්ව ඇති බව අවදානම් කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම ස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, මූලික තොරතුරුවලට අනුව පුද්ගලයන් 4 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි.

කෙසේ වෙතත්, නිවසේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව නිශ්චිතව මෙතෙක් අනාවරණය වී නොමැති බව ඔහු පවසයි. අධික වර්ෂාපතනයත් සමඟ මෙම නායයාම සිදුවී ඇත.

නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බැවින් පුද්ගලයින් 4 දෙනාම මිය ගොස් ඇති බවයි වාර්ථා වෙන්නේ.

සොයා ගන්නා ලද සිරුරු දෙකක් රඹුක්කන මහ රෝහලට රැගෙන ගොස් තිබේ.

මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව ඔහු සඳහන් කළේය

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW

 

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha