මෝටර් රථ තරගාවලියක් අතරතුර 4ක් ජීවිතක්ෂයට.

Accident Death
By Wayomi Mar 25, 2024 06:56 AM GMT
Wayomi

Wayomi

Report

මෝටර් රථ තරගාවලියක් අතරතුර සිදුවූ අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙක් මියගොස් තිබෙනවා.

උතුරු හංගේරියාවේ සිදු වූ මෙම අනතුරින් තුවාල ලැබූ තවත් 8 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෝටර් රථ තරගාවලියක් අතරතුර ධාවන පථයෙන් ඉවතට විසිවී ගොස් නරඹන්නන් සිටින ස්ථානයක ගැටී අනතුර සිදුව ඇත.

කෙසේ වෙතත් අනතුර සිදුවූ ආකාරය මෙතෙක් අනාවරණය වී නොමැති අතර තුවාල ලැබූවන් ඉවතට ගෙන යාමට ගිලන් රථ මෙන්ම හෙලිකොප්ටර් යානා ද යොදවා තිබුනා.

මේ අතර එම තරගාවලිය අත්හිටුවීමට සංවිධායකයින් පියවර ගෙන ඇති බව ද වාර්තා වෙනවා.