ඉන්දියාවේ පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටී ළමුන් 4ක් මරුට
India
Accident
Latest Headlines
schools
Sinhala news
By Shehan
ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ ජලාවර් දිස්ත්‍රික්කයේ රජයේ පාසලක තනි මහල් ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් අද (25) පෙරවරුවේ සිදුවූ අනතුරකින් ළමුන් සිව්දෙනෙකු මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙම අනතුරෙන් 40කට අධික පිරිසක් ගොඩනැගිල්ල තුළ සිරවී ඇති බවද වාර්තා වේ.
අනතුර සිදුවන අවස්ථාවේ එම පාසලේ ළමුන් 40කට ආසන්න පිරිසක් ගුරුවරුන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් සමඟ සිට ඇත.
මෙම ගොඩනැගිල්ල අබලන් තත්ත්වයේ පැවති බවත්, ඒ සම්බන්ධයෙන් මීට පෙර පැමිණිලි කිහිපයක් බලධාරීන් වෙත ලැබී තිබූ බවත් වාර්තා වේ.
