අමුතු අමුතු රසබර කෑම හැදෙන ලොව ප්‍රථම 3D බේකරිය - දැක්කොත් කන්නම ආස හිතෙන මේ කෑම ඇණවුම් කරන්නත් වෙනමම ක්‍රමවේදයක්.(VIDEO)

By krishani Jul 19, 2023 04:09 AM GMT
krishani

krishani

Report

ලොව ප්‍රථම වරට 3D ආහාර මුද්‍රණ යන්ත්‍රයක් භාවිතයෙන් රසකැවිලි සකසන අපූරු ඩිජිටල් බේකරියක් සම්බන්ධයෙන් පුවතක් ලොස් ඇන්ජලීස් නුවරින් වාර්තා වෙනවා.

ශුගර් ලෑන්ඩ් නම් මෙම බේකරියෙහි රසකැවිලි සැකසෙන්නේ 3D ආහාර මුද්‍රණ යන්ත්‍රයක් භාවිත කරමින් වීම විශේෂත්වයකී.

ලොව පළමු වරට 3D ආහාර මුද්‍රණ යන්ත්‍ර මඟින් රසකැවිලි නිපදවන පළමු බේකරිය මෙය වන අතර මෙම මුද්‍රණ යන්ත්‍රය ලොව පවතින බලපත්‍ර සහිත එකම ආහාර මුද්‍රණ යන්ත්‍රය වේ.

මෙම ක්‍රමවේදය මඟින් රැයක් තුළ නිෂ්පාදන දහස් ගණනක් සිදුකිරීමේ හැකියාව පවතින අතර 3D ආහාර මුද්‍රණ යන්ත්‍රය හරහා රසකැවිලි නිපදවීමේ දී පළමුව ඩිජිටල් ගොනුවක් නිර්මාණය කළ යුතුයි.

පසුව එම ඩිජිටල් ගොනුව 3D මාදිලියට පරිවර්තනය කෙරෙන අතර එම මුද්‍රණ යන්ත්‍රය වෙත යොමු කෙරෙන්නේ ඉන් අනතුරුව ය.

මෙහිදී ඕනෑම හැඩයක රසකැවිලි නිර්මාණය කිරීමේ හැකියාව පවතින අතර ශුගර් ලැබ් වෙබ් අඩවිය හරහා ඇණවුම් කර මිල දී ගත හැකි ය.

විඩියෝ දර්ශන -   Euronews Next Y-Tube Channel 


ReeCha