චීන ජාතිකයන් 37ක් මෙරටින් පිටුවහල් කෙරේ - හේතුව මෙන්න
By Mithu
ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් මෙරට රැඳී සිටිමින් නීතිවිරෝධී කටයුතුවල නිරත වූ චීන ජාතිකයන් 37 දෙනෙකු ඊයේ (04) රාත්‍රියේ මෙරටින් පිටුවහල් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටි මෙම පිරිස අතර කාන්තාවන් 6 දෙනෙකු ද වන බව වාර්තා වේ.
මොවුන් මෙරටින් රැගෙන යාම සඳහා චීන ආරක්ෂක නිලධාරීන් 11 දෙනෙකු දිවයිනට පැමිණ සිටි අතර, ඊයේ රාත්‍රී 10.50 ට චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් MU-714 දරන මගී ගුවන් යානයෙන් චීනයේ කුංමිං නුවර බලා ඔවුන් පිටත් කර හැර ඇත.