ඉල්ලන් කාපු සජබ ආධාරකරුවන් 33ක්.... හේතුව මෙන්න -VIDEO
SJB
Sri Lanka Politician
Samagi Jana Balawegaya
Political Development
Sinhala news
By Akash
අද දින පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළ නාම යෝජනා භාර ගැනීම අවසන් වූ අතර ඒ ඒ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු සිදු කෙරුනා.
ඒ අතර වාරයේදී මහනුවර පාතහේවාහැට ප්‍රදේශයේදී සමගි ජනබලවේගයේ ආධාරකරුවන් 33 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය විසින් ඒ පිළිබඳව වාර්තාවක සඳහන් කර තිබෙනවා. ඒ, එම මැතිවරණ කොට්ඨාසයේ සමගි ජන බලවේගය අපේක්ෂකයන් හට සහයෝගය පළකරමින් රථ වාහන පෙළපාළියක් යාමට සූදානම්ව සිටියදී බවයි පොලිසිය සඳහන් කර ඇත්තේ.
ඒ සඳහා සූදානම් කර තිබූ වාහන අටක් ද මහනුවර මූලස්ථාන පොලිස්භාරයට ගෙන ඇති බව සඳහන්.
