නේපාලයේ ගෝර්කා දිස්ත්‍රික්කයෙන් හදිසි ගංවතුර අන්තරායක් - එරට සිටින ශ්‍රී ලාංකිකයන්ට තානාපති කාර්යාලයෙන් හදිසි රතු එළියක්

By Kanchana Oct 12, 2026 07:33 AM GMT
Report

 නේපාලයේ ගෝර්කා දිස්ත්‍රික්කයේ උප ගංගාවක හටගත් හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් බුධිගන්ධකි ගංගා ද්‍රෝණියේ පහළ ප්‍රදේශවල දැඩි අවදානමක් මතුව ඇති බව කත්මණ්ඩු නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කර ඇත.

ඊයේ (11) පෙරවරු 6.00ට පමණ මෙම හදිසි ගංවතුර තත්ත්වය හටගෙන ඇති අතර, ඒ හේතුවෙන් අවදානම් ප්‍රදේශවල රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට වහාම ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස තානාපති කාර්යාලය දැනුම් දී තිබේ.

ගෝර්කා, ධාඩිං, නුවාකොට් සහ චිට්වාන් යන දිස්ත්‍රික්කවල මෙන්ම බුධිගන්ධකි ගංගා නිම්නය ආශ්‍රිතව රැඳී සිටින හෝ සංචාරය කරන සියලුම ශ්‍රී ලාංකිකයන්ට විශේෂ අවධානයෙන් පසුවන ලෙස ද උපදෙස් ලබා දී තිබේ.

අවදානම් ප්‍රදේශවලින් ඈත්ව ගංගා, ගං ඉවුරු, පාලම් සහ පහත් බිම් ආශ්‍රිත ප්‍රදේශවල සංචාරය කිරීමෙන් සම්පූර්ණයෙන් වැළකී සිටින ලෙසත්, ප්‍රාදේශීය බලධාරීන්, ආරක්ෂක අංශ සහ සංචාරක පොලිසිය නිකුත් කරන උපදෙස් දැඩිව පිළිපදින ලෙසත් තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටී.

ගංවතුර තත්ත්වය සාමාන්‍ය අතට පත්වන තෙක් ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙසත්, අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී සිටින ලෙසත් වැඩිදුරටත් දැනුම් දී ඇත. එමෙන්ම, ගංවතුරට ලක්වූ මාර්ග, ඇළ දොළ හෝ ගංගා හරහා ගමන් කිරීමට උත්සාහ නොකරන ලෙසත්, ප්‍රාදේශීය බලධාරීන් ඉවත් වන ලෙස උපදෙස් ලබා දෙන්නේ නම් වහාම උස් සහ ආරක්ෂිත ස්ථාන වෙත යොමුවන ලෙසත් අවධාරණය කර තිබේ.

නේපාලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් තමන් නවාතැන්ගෙන සිටින හෝටල්, සංචාරක නියෝජිත ආයතන සහ මාර්ගෝපදේශකයන් සමඟ මෙන්ම කත්මණ්ඩුහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ ද නිරන්තර සම්බන්ධතාව පවත්වා ගත යුතු බව නිවේදනයේ සඳහන් වේ.

ගංවතුර අවදානමට ලක්වූ දිස්ත්‍රික්ක වෙත සංචාරය කිරීමට සැලසුම් කර ඇති පුද්ගලයන්ට ද, මාර්ග තත්ත්වය ආරක්ෂිත බව සහ ගංවතුර අවදානම පහව ගොස් ඇති බව නිල වශයෙන් තහවුරු වන තෙක් එම සංචාර කල් දමන ලෙස උපදෙස් ලබා දී තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හදිසියේම රෝහල්ගත කෙරේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හදිසියේම රෝහල්ගත කෙරේ

ආපදාවට අදාළ සහාය සහ සම්බන්ධීකරණ කටයුතු සඳහා නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැය 24 පුරා ක්‍රියාත්මක වන බව ද දැනුම් දී ඇත.

හදිසි සම්බන්ධතා තොරතුරු හදිසි ඇමතුම් අංකය: +977 9851048653

විද්‍යුත් තැපෑල: slemb.kathmandu@mfa.gov.lkඅවදානම් ප්‍රදේශවල සිටින ශ්‍රී ලාංකිකයන්ට නිල ආරක්ෂක උපදෙස් පිළිපදිමින් තම ආරක්ෂාව තහවුරු කරගන්නා ලෙස තානාපති කාර්යාලය වැඩිදුරටත් ඉල්ලා සිටී.

අද ඩොලරයේ අගය වෙනස් වුණාද? ප්‍රධාන වාණිජ බැංකු කිහිපයකම ඩොලරයේ මිල ගණන් මෙන්න

අද ඩොලරයේ අගය වෙනස් වුණාද? ප්‍රධාන වාණිජ බැංකු කිහිපයකම ඩොලරයේ මිල ගණන් මෙන්න

Gallery