අර්ච්චුනාට මන්ත්‍රී පට්ටම නැති වෙයිද? දෙසැම්බර් 16 මන්ත්‍රී ධුරය අභියෝගයට ලක්කළ පෙත්සම විභාග කිරීමට නියම කරයි
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා මහතාගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම වැඩිදුර විභාගය සඳහා එළඹෙන දෙසැම්බර් මස 16 වැනි දින කැඳවීමට අභියාචනාධිකරණය නියම කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව අඳාළ පෙත්සම සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසින් ගොනු කර තිබෙන බව සඳහන්.
එසේම අදාළ පෙත්සම අද (12) දින අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී එය වැඩිදුර විභාගය සඳහා දෙසැම්බර් 16 වැනිදා යළි කැඳවීමට අධිකරණය මෙසේ නියම කළ බව පවසයි.