රුසියාවේ ඩීසල් සැපයුම සහ ට්‍රම්ප්ගේ බලශක්ති සටන් විරාම ප්‍රකාශය හමුවේ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල පහත වැටෙයි

Report

 රුසියාවෙන් ගෝලීය වෙළෙඳපොළට ඩීසල් සැපයුම ඉහළ යනු ඇතැයි පළ වී ඇති අපේක්ෂාව සහ යුක්රේනය හා රුසියාව අතර බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරගත් ප්‍රහාර නතර කිරීම සඳහා එකඟතාවක් ඇති වී තිබෙන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශය හේතුවෙන් අද ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොර තෙල් මිල සැලකිය යුතු ලෙස පහත වැටී තිබේ.

ඒ අනුව, බ්‍රෙන්ට් (Brent) බොර තෙල් අනාගත ගිවිසුම් මිල බැරලයකට ඩොලර් 1.54කින් හෙවත් 1.47%කින් පහත වැටී ඩොලර් 103.18ක් ලෙස සටහන් විය. එසේම, ඇමෙරිකානු වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් (WTI) බොර තෙල් මිල ද බැරලයකට ඩොලර් 1.54කින් හෙවත් 1.68%කින් පහත වැටී ඩොලර් 90.31ක් දක්වා අඩු වී ඇත.

රුසියාවෙන් ඩීසල් තොග විශාල ප්‍රමාණයක් රුසියාව විසින් ඇමෙරිකාවට සහ ජාත්‍යන්තර වෙළෙඳපොළට ඩීසල් සැපයුම් විශාල වශයෙන් ලබාදීමට සූදානම් වන බව ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

ඔහු සඳහන් කළ පරිදි, වහාම ඩීසල් මෙට්‍රික් ටොන් 300,000කට අධික ප්‍රමාණයක් සැපයීමට නියමිත අතර, එය බැරල් මිලියන 2.25කට ආසන්න ප්‍රමාණයකට සමාන වේ. මීට අමතරව, නොවැම්බර් මාසයේදී තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 500,000ක් ද, ඉන් අනතුරුව තවත් මෙට්‍රික් ටොන් මිලියනයක් ද සැපයීමට රුසියාව කටයුතු කරනු ඇති බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.

මෙම ප්‍රකාශයත් සමඟ යුරෝපීය වෙළෙඳපොළේ ප්‍රධාන ඩීසල් මිල දර්ශකයක් වන ICE ගෑස් ඔයිල් (Gasoil) අනාගත ගිවිසුම් මිල 3%කින් පහත වැටී තිබේ. වෙළෙඳපොළට අමතර සැපයුම් ලැබීමේ අපේක්ෂාව ඉන්ධන මිල කෙරෙහි බලපා ඇති ප්‍රධාන සාධකයක් ලෙස සැලකේ.

රුසියානු-යුක්රේන බලශක්ති සටන් විරාමය පිළිබඳ අවිනිශ්චිතතාවක් රුසියාව සහ යුක්රේනය එකිනෙකාගේ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් සිදුකරන ප්‍රහාර නතර කිරීමට එකඟ වී ඇති බව ට්‍රම්ප් ප්‍රකාශ කළද, එම එකඟතාවයේ විස්තර සම්බන්ධයෙන් තවමත් පැහැදිලිභාවයක් නොමැත. යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සඳහන් කර ඇත්තේ අදාළ එකඟතාව පිළිබඳ වැඩිදුර තොරතුරු අපේක්ෂා කරන බවයි.

සිරිලිය සවිය ගිණුම් විමර්ශනය - FCIDයෙන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට කළ ඉල්ලීම අධිකරණයෙන් ඉවතට

සිරිලිය සවිය ගිණුම් විමර්ශනය - FCIDයෙන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට කළ ඉල්ලීම අධිකරණයෙන් ඉවතට

මේ සම්බන්ධයෙන් රුසියාවෙන් ද නිල ප්‍රතිචාරයක් මෙතෙක් පළ වී නොමැත. වෙළෙඳපොළ විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, සටන් විරාමය ක්‍රියාත්මක වන ආකාරය සහ එහි ස්ථාවරත්වය තහවුරු වන තෙක් බොර තෙල් මිල පහත වැටීම සීමා විය හැකි බවයි.

එබැවින්, දේශපාලනික ප්‍රකාශවලට අමතරව සැබෑ සැපයුම් තත්ත්වය සහ ප්‍රහාර අඩුවීම පිළිබඳ තොරතුරු ද වෙළෙඳපොළේ ඉදිරි දිශානතිය තීරණය කරනු ඇත.

මැද පෙරදිග අර්බුදයෙන් තෙල් සැපයුමට තවදුරටත් අවදානම් මේ අතර, මැද පෙරදිග කලාපයේ උත්සන්න වන ආරක්ෂක අර්බුදය ජාත්‍යන්තර තෙල් සැපයුම කෙරෙහි තවදුරටත් පීඩනයක් එල්ල කර තිබේ. සෞදි අරාබියේ රියාද් ජාත්‍යන්තර ගුවන්තොටුපළට හූති කැරලිකරුවන් එල්ල කළ බව කියන ප්‍රහාරවලින් පුද්ගලයන් 13 දෙනෙකු මියගොස් 300කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

එසේම, හෝර්මුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව තෙල් ප්‍රවාහන නෞකාවලට එල්ල වන ඩ්‍රෝන ප්‍රහාර ද බලශක්ති සැපයුම් ජාලයට තර්ජනයක් වී ඇත. ලෝකයේ ප්‍රධාන තෙල් ප්‍රවාහන මාර්ගයක් වන හෝර්මුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත ආරක්ෂක තත්ත්වය තවදුරටත් පිරිහුණහොත්, ජාත්‍යන්තර වෙළෙඳපොළට තෙල් සැපයීමේ ප්‍රමාදයන් සහ මිල ඉහළ යාමේ අවදානමක් ඇති විය හැකිය.

ගෝල්ඩ්මන් සැක්ස් බ්‍රෙන්ට් මිල පුරෝකථනය ඉහළ නංවයි මැද පෙරදිග පවතින භූ-දේශපාලනික අවදානම් සැලකිල්ලට ගනිමින්, ජාත්‍යන්තර මූල්‍ය ආයතනයක් වන ගෝල්ඩ්මන් සැක්ස් (Goldman Sachs) විසින් දෙසැම්බර් මාසය සඳහා බ්‍රෙන්ට් බොර තෙල් මිල පිළිබඳ පුරෝකථනය බැරලයකට ඩොලර් 85 සිට ඩොලර් 90 දක්වා ඉහළ නංවා තිබේ.

කෙසේ වෙතත්, රුසියානු ඩීසල් සැපයුම ඉහළ යාමේ අපේක්ෂාව සහ රුසියානු-යුක්රේන බලශක්ති සටන් විරාමය පිළිබඳ ප්‍රකාශ හේතුවෙන් කෙටි කාලීනව තෙල් මිල පහත වැටුණද, මැද පෙරදිග පවතින අවදානම් හමුවේ මිල ගණන් තුළ ඉහළ අවදානම් වාරිකයක් තවදුරටත් පැවතිය හැකි බව එම ආයතනය පෙන්වා දෙයි.

ඒ අනුව, ඉදිරි කාලයේදී ලෝක බොර තෙල් මිල තීරණය කිරීමේදී රුසියාවෙන් ලැබෙන අමතර සැපයුම්, රුසියානු-යුක්රේන සටන් විරාමයේ ප්‍රායෝගික සාර්ථකත්වය සහ හෝර්මුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත ආරක්ෂක තත්ත්වය ප්‍රධාන සාධක වනු ඇත.

නාවලපිටිය නගර සභා සභාපතිවරයාට සහ පවුලේ අයට වැඩ වරදී- පහරදීමේ සිද්ධියකට හදිසියේම අත්අඩංගුවට

නාවලපිටිය නගර සභා සභාපතිවරයාට සහ පවුලේ අයට වැඩ වරදී- පහරදීමේ සිද්ධියකට හදිසියේම අත්අඩංගුවට