හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ඇත්තටම අසාධ්‍යයිද? අද රටම කළඹපු පුවත ගැන හොයපු ඇත්ත විස්තරේ මෙන්න

Report

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සහ විවිධ මාධ්‍ය වාර්තා හරහා තොරතුරු සංසරණය වෙමින් පවතියි.

එහෙත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පළ වන ඇතැම් වාර්තා ප්‍රතික්ෂේප කරමින් නීතිඥ මනෝජ් ගමගේ මහතා ප්‍රකාශයක් සිදුකර ඇත.

ඒ අනුව වාර්තා වන පරිදි, අද (12) උදෑසන මහින්ද රාජපක්ෂ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සිදුකර තිබෙනවා.

ඒ සමඟම ඔහු කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවට ද වාර්තා පැතිර ගොස් ඇත. කෙසේ වුවත්, ඔහුගේ වෛද්‍ය පරීක්ෂණ ප්‍රතිඵල යහපත් බවත්, දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවට පැතිර යන වාර්තා ප්‍රතික්ෂේප කරන බවත් ඔහුගේ පාර්ශ්වය සඳහන් කරයි.

මහින්ද රෝහල්ගත කළ බවට වර්තාවෙයි

මහින්ද රෝහල්ගත කළ බවට වර්තාවෙයි

එහෙත් ඔහුගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ස්වාධීන වෛද්‍ය තහවුරු කිරීමක් මෙහි සඳහන් නොවේ. එසේම මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නීතිඥ මනෝජ් ගමගේ මහතා කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර ඇති බවට පැතිර යන ආරංචි සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර ඇති බවට පැතිර යන ආරංචි සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මේ අවස්ථාවේදී එතුමාට ආදරය කරන සියලු දෙනාට දැනුම් දෙනවා” යනුවෙන් ඔහු පැවසුවා.

මේ අතර තවදුරටත් අදහස් දැක්වූ නීතිඥවරයා, තමන් දකින ආකාරයට විරුද්ධවාදීන් විසින් මෙවැනි අසත්‍ය හා ද්වේෂසහගත ප්‍රචාර පතුරුවා හරිමින් මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනිකව දුර්වල වී ඇති බව පෙන්වීමට උත්සාහ කරන බවට ද චෝදනා කළා.

සුළු මොහොතකට පෙර ලංකාවටම නිවේදනයක් - අද මේ තැන්වලට මි.මී. 75 ට වැඩි ගිගුරුම් සහිත වැසි

සුළු මොහොතකට පෙර ලංකාවටම නිවේදනයක් - අද මේ තැන්වලට මි.මී. 75 ට වැඩි ගිගුරුම් සහිත වැසි

එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයන්ට මුහුණ දීමට සිදුව ඇති තත්ත්වයන් හමුවේ වුවද, හිටපු ජනාධිපතිවරයා ශාරීරිකව සහ මානසිකව ශක්තිමත් නායකයකු බව ද ඔහු අවධාරණය කළේ,

“මේ වගේ පුහු සහ අසත්‍ය ප්‍රචාරවලින් එතුමා වැනි දැවැන්ත පෞරුෂයක් බිඳ දැමිය හැකි යැයි සිතනවා නම්, ඒක සතුරන්ගේ සිහිනයක් විදිහටයි මම දකින්නේ” යනුවෙන්.

කවුද හිතුවේ රත්තරන් මේ ගාණට ගන්න පුළුවන් කියලා - කැරට් 18 සිට කැරට් 24ට යනකල් නවතම රන් මිල ගණන් මෙන්න

කවුද හිතුවේ රත්තරන් මේ ගාණට ගන්න පුළුවන් කියලා - කැරට් 18 සිට කැරට් 24ට යනකල් නවතම රන් මිල ගණන් මෙන්න