මහින්ද රෝහල්ගත කළ බවට පැතිරෙන වාර්තා අසත්‍යයි

Report

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර ඇති බවට පැතිර යන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට සිය නිවසේ රැඳී සිටිමින් ශාරීරිකව සහ මානසිකව යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව ද ඔහු සඳහන් කළේය.

මෙවැනි අසත්‍ය සහ ද්වේෂසහගත ප්‍රචාර මගින් හිටපු ජනාධිපතිවරයාගේ පෞරුෂය බිඳ දැමීමට නොහැකි බව ද මනෝජ් ගමගේ මහතා ප්‍රකාශ කළේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, විරුද්ධවාදීන් මෙවැනි ප්‍රචාර පතුරුවා හරිමින් වත්මන් ආණ්ඩුවේ මර්දනකාරී ක්‍රියාමාර්ග හමුවේ මහින්ද රාජපක්ෂ මහතා දුර්වල වී ඇති බව පෙන්වීමට උත්සාහ කරන බවයි.

එමෙන්ම, මහින්ද රාජපක්ෂ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පැතිර යන අසත්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නීතිඥ මනෝජ් ගමගේ මහතා මෙසේ පැවසීය.

“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අසනීපයෙන් රෝහල්ගත කර ඇති බවට පැතිර යන ආරංචි සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මේ අවස්ථාවේදී එතුමාට ආදරය කරන සියලු දෙනාට දැනුම් දෙනවා. විරුද්ධවාදීන් මේ වගේ අසත්‍ය සහ ද්වේෂසහගත ආරංචි නිතර පතුරුවා හරිමින්, මේ ආණ්ඩුවේ මර්දන ක්‍රියාමාර්ග හමුවේ එතුමා වැටිලා කියලා පෙන්වන්න උත්සාහ කරනවා. එතුමාගේ පවුලේ සියලු දෙනා සිරගත කළත්, මහින්ද රාජපක්ෂ කියන්නේ ශාරීරිකව සහ මානසිකව ඉතාම ශක්තිමත් නායකයෙක්. මේ වගේ බොරු ප්‍රචාරවලින් එතුමාගේ දැවැන්ත පෞරුෂය බිඳ දැමිය හැකි යැයි සිතනවා නම්, එය සතුරන්ගේ සිහිනයක් පමණයි. එතුමාට ආදරය කරන සියලු ජනතාවටත්, එතුමා පිළිබඳව අසත්‍ය ප්‍රචාර පතුරුවන අයටත් දැනුම් දෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ශාරීරිකව සහ මානසිකව යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් සිය නිවසේ කාලය ගත කරන බවයි.”

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හදිසියේම රෝහල්ගත කෙරේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හදිසියේම රෝහල්ගත කෙරේ