දිඹුලාගල නා හිමියන් ඝාතනය කර අදට අවුරුදු 30යි… දිඹුලාගල පින්කම් මාලාවක්

By Hashan May 26, 2025 07:21 AM GMT
Report

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපතිව වැඩ විසූ මාතර කිතලගම ශ්‍රී සීලාලංකාර නාහිමිපාණන් වහන්සේ හෙවත් දිඹුලාගල හාමුදුරුවෝ ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කර අදට වසර තිහක් සපිරේ.   

ඒ අනුව උන් වහන්සේගේ තිස්වන ගුණ සමරුම් පින්කම නිමිත්තෙන් 26 වෙනිදා සවස 3,00 ට මනම්පිටිය දිඹුලාගල නාහිමි ප්‍රතිමා වහන්සේ අබියස දී විශේෂ පින්කම් ගණනාවක් සංවිධානය කොට ඇත.   

අවසන් ගමනත් කැමතිම පුද්ගලා අතින් ගැඩවුණු මාලනිය

අවසන් ගමනත් කැමතිම පුද්ගලා අතින් ගැඩවුණු මාලනිය

ඒ අනුව අධිෂ්ඨාන සම්බුද්ධ පූජාව හා මහා සංඝරත්නයට චතුමදුර, සහිත ගිලන්පස පූජාවක් මෙන්ම අෂ්ඨ පරිස්කාර පූජාවක් පැවැත්වීමට මාගංතොට ශ්‍රී ධර්මරාජ විහාරාධිපති පූජ්‍ය අත්තනකඩවල ජනතාලංකාර නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ දිඹුලාගල නාහිමි ගුණ සමරු පදනම සංවිධානය කර ඇත. 

මීට අමතරව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ දී ජුනි මස 09 වෙනිදා සිට 15 වෙනිදා දක්වා දිඹුලාගල නාහිමිපාණන් වහන්සේ සිහිපත් කරමින් විශේෂ පින්කම් මාලාවක් සිදු කිරීමට කටයුතු කර ඇති බවත් ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති, දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් සඳහන් කර සිටියා.   

හාල් මිල යළි ඉහළට

හාල් මිල යළි ඉහළට

1500 කට වැඩි පිරිසක් සම්බුද්ධ ශාසනයට ඇතුළත් කරමින්, වෙහෙර විහාරස්ථාන සහ ජනපද බිහිකර ජනතාව පදිංචි කරවා, පිඬු සිඟා වඩිමින් දිඹුලාගල ආරණ්‍ය සේනාසනය ලක්වාසී, ලෝකවාසී, ජනතාවට වන්දනාමාන කිරීමට මග පාදා දීම උන් වහනේසේගේ කැපී පෙනන සේවාවන් ලෙස දැක්විය හැකිය.   

මාතර කිතලගම ශ්‍රී සීලාලංකාර නාහිමිපාණන් වහන්සේ 1995 මැයි 26 වෙනිදා දිඹුලාගල මැණිකේ ඇල ප්‍රදේශයේ ගොවිපළට වැඩම කරමින් සිටිය දී  ත්‍රස්තවාදී ප්‍රහාරයකින් අපවත් වූහ.