දිවයිනට රැගෙන ආ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මිදිගම චූටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට
ඕමාන ආරක්ෂක අංශ භාරයේ සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ප්‍රභාත් මධුසංක හෙවත් ‘මිදිගම චූටි’ නැමැත්තා අද (30) අලුයම දිවයිනට රැගෙන ඒම සිදුවිය.
ඒ අනුව ඔහු කටුනායක ගුවන් තොටුපළෙන් මෙරටට රැගෙන ආ සැකකරු වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත රැගෙන ගොස් ඇත.
මොහු මිනීමැරුම්, මත්ද්‍රව්‍ය ජාවාරම්, ගිනිඅවි ළඟ තබා ගැනීම් සහ බරපතළ ගණයේ මංකොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකි.
පවතින ජාත්‍යන්තර සබඳතා මත රතු නිවේදන (Red Notices) නොමැතිව වුවද සැකකරුවන් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ යටතේ මොහු මෙරටට රැගෙන ආ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා තහවුරු කළේය.