මැදපෙරදිග යුද්දෙන් පැත්තක හිටපු ලංකාවත් ගුටි කයි - අපනයන සංවර්ධන මණ්ඩලයෙන් නරක ආරංචියක්

Report

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසන්නේ මැදපෙරදිග යුද අර්බුදයෙන් මාර්තු මාසයේ මෙරට අපනයන කටයුතු සඳහා සියයට 5 ක පමණ බලපෑමක් සිදුකර ඇති බවයි.

මෙරට සමස්ත අපනයනවලින් සියයට 8 ක ප්‍රතිශතයක් මැදපෙරදිග රටවල් සමග සිදුකරන අතර ඉන් තේ අපනයන ප්‍රතිශතය සියයට 52 ක් වේ. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් මෙම තත්ත්වය මත ඉදිරියේදී ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ යුරෝපා රටවල් වෙත ද අපනයන ප්‍රවර්ධනය කිරීමට අවධානය යොමුකිරීමට පියවර ගනිමින් ඇත.

ඔත්තේ ක්‍රමයට ඉන්ධන ලබාදීමේ වෙනසක්? හෙට සහ අනිද්දා දෙකම ඔත්තේ දින වීමෙන් තෙල් බෙදීමේ වෙනසක්

ඔත්තේ ක්‍රමයට ඉන්ධන ලබාදීමේ වෙනසක්? හෙට සහ අනිද්දා දෙකම ඔත්තේ දින වීමෙන් තෙල් බෙදීමේ වෙනසක්

එමෙන්ම මෙරට භූගෝලීය පිහිටීම අනුව පවතින යුද අර්බුද මධ්‍යයේ ආයෝජන අවස්ථා ළඟාකර ගැනීමට කටයුතු කරමින් සිටින බවද තොරතුරු වාර්තා වේ.

ඒ අනුව විදේශීය ආයෝජිකයින්ගෙන් මේ වන විටත් නව යෝජනා රැසක් ඉදිරිපත් වී ඇති බවද ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ පවසා ඇති බව වාර්තා වේ.

අප්‍රේල් 2 සිට 15 දක්වා ශ්‍රී ලාංකිකයන් ප්‍රවේශමෙන් - ජනතාවට අනතුරු අඟවයි

අප්‍රේල් 2 සිට 15 දක්වා ශ්‍රී ලාංකිකයන් ප්‍රවේශමෙන් - ජනතාවට අනතුරු අඟවයි