කරන්දෙණිය සුද්දාගේ සහෝදරයාගේ ගෙදර ඉඳන් අපරාධයක් සැලසුම් කරමින් සිටි 04ක් අත්අඩංගුවට
By Mithu
විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කරන්දෙණිය සුද්දා’ හෙවත් සොබනාහන්දි ජයලත් ද සිල්වාගේ මීටියාගොඩ පිහිටි නිවසේ රැඳී සිටි පුද්ගලයන් සිව්දෙනෙකු අද (30) අලුයම පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙන බවට වාර්තාවේ.
ඒ අනුව මීටියාගොඩ පොලිසිය සිදුකළ මෙම වැටලීමේදී සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 500ක් සහ ජර්මනියේ නිෂ්පාදිත රිවෝල්වරයක් සමඟ ජීව උණ්ඩ 06ක් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් පිරිස වයස අවුරුදු 22ත් 38ත් අතර පසුවන මහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් අතර ත්‍රිරෝද රථ රියදුරෙකු සහ කුරුඳු තලන්නන් තිදෙනෙකු සිටින බව අනාවරණය වී තිබේ.
අදාළ ගිනිඅවිය කරන්දෙණිය සුද්දාට අයත් එකක් බවට හඳුනාගෙන ඇති අතර සැකකරුවන් අද බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.