ඇමරිකානු සෙබළු ආවොත් පනපිටින් පුච්චනවා මිනී පෙට්ටිවල යන්න වෙන්නේ - ඉරානෙන් මරණීය තර්ජනයක්

Report

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව එල්ල කිරීමට සැලසුම් කර ඇති ගොඩබිම් ප්‍රහාර පිළිබඳ ප්‍රකාශයට ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් ඉතා දැඩි සහ භයානක ප්‍රතිචාරයක් දක්වා තිබේ.

ඉරාන භූමියට පය තබන ඕනෑම ඇමෙරිකානු සෙබළෙකු පණපිටින් පුළුස්සා දැමීමට තම හමුදා සූදානම් බවත් ආක්‍රමණිකයන්ට ආපසු යාමට සිදුවන්නේ මිනීපෙට්ටිවලින් පමණක් බවත් ඉරාන විප්ලවීය හමුදාව මෙහිදී අවධාරණය කර ඇත.

ඉරාන පාර්ලිමේන්තු කථානායකවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඇමෙරිකානු සෙබළුන් ඉරාන භූමියට ගොඩබසින තෙක් තම හමුදාව නොඉවසිල්ලෙන් බලා සිටින බවත් එම ගොඩබිම් ආක්‍රමණය ඇමෙරිකානු සෙබළුන්ගේ අවසාන ගමන හෙවත් ‘මළගම’ වනු ඇති බවත්ය.

සියලුම ජනතාව වෙනුවෙන් විශේෂ ගැසට් නිවේදනයක්

සියලුම ජනතාව වෙනුවෙන් විශේෂ ගැසට් නිවේදනයක්

ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ දස ලක්ෂයකට අධික ඉරාන තරුණයන් පිරිසක් මේ වන විටත් විප්ලවීය හමුදාව සමඟ එක්වී මාරාන්තික සටනකට සූදානම්ව සිටින බව අනාවරණය කළ කථානායකවරයා, ඕනෑම ආක්‍රමණයක් පරාජය කිරීමට තම රට සතු ජනතා බලය ප්‍රමාණවත් බව කියා සිටියේය.

වොෂින්ටනය සාමය සහ සාකච්ඡා පිළිබඳ ලෝකය හමුවේ ප්‍රකාශ කළද තිරය පිටුපස සිට ඉරානය ආක්‍රමණය කිරීමේ සියලු යුද සැලසුම් රහසිගතව අවසන් කර ඇති බවට ඔහු චෝදනා කරයි.

යුද්ධය නරක අතට - ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කරගත් මෙහෙයුමක් - ඉරාන රජය වෙනස් කල බව ට්‍රම්ප් කියයි

යුද්ධය නරක අතට - ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කරගත් මෙහෙයුමක් - ඉරාන රජය වෙනස් කල බව ට්‍රම්ප් කියයි

විශේෂයෙන්ම ඉරානයේ තෙල් අපනයනයට තීරණාත්මක බලපෑමක් ඇති කාර්ග් දූපත අත්පත් කර ගැනීම හරහා ඉරාන ආර්ථිකය අඩපණ කිරීමේ සැලසුමක් ඇමෙරිකාව සතු බව පෙන්ටගන වාර්තා මඟින් ද තහවුරු වී තිබේ.

මේ අතර නාවික සහ මැරීන් භටයන් 3,500ක් රැගත් 'යූ එස් එස් ට්‍රිපොලි' යුද නෞකාව මැදපෙරදිග කලාපයට සේන්දු වී ඇති බව පෙන්ටගනය නිල වශයෙන් නිවේදනය කර ඇති අතර එය කලාපීය ස්ථාවරත්වයට එල්ල වූ සෘජු තර්ජනයක් ලෙස ඉරානය හඳුන්වයි.