වහාම ක්‍රියාත්මක වන පරිදි මේ ප්‍රදේශවල මෝටර් රථ පරික්ෂාවක්
නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක ජාලිය බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ තලවකැලේ ප්‍රදේශය හරහා ධාවනය වූ විවිධ අඩුපාඩු සහිත වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට පියවර ගත් බවයි.
මාර්ග අනතුරු අවම කරගැනීමේ අරමුණින් නුවරඑළිය පොලිස් කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන් සහ මෝටර් රථ පරීක්ෂකවරුන් එක්ව තලවකැලේ ප්‍රදේශයේදී මෙම හදිසි සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.
එහිදී එම මාර්ගය හරහා ධාවනය වූ බස් රථ, මෝටර් රථ, යතුරුපැදි, වෑන් සහ ලොරි රථ ඇතුළු වාහන 40ක් ධාවනයට සුදුසු තාක්ෂණික මට්ටමක පවතීද යන්න පිළිබඳව දැඩි පරීක්ෂාවකට ලක්කර තිබේ.
එහිදී පෞද්ගලික බස් රථ 4ක් සහ ත්‍රීරෝද රථ 15ක් ඇතුළු වාහන 28ක් විවිධ කාර්මික හා තාක්ෂණික අඩුපාඩු සහිතව ධාවනය කිරීම හේතුවෙන් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කර ඇති අතර, අදාළ වාහනවල ආදායම් බලපත්‍රද මෝටර් රථ පරීක්ෂකවරුන් භාරයට ගෙන ඇත.
නිරීක්ෂණය වූ සියලු අඩුපාඩු සම්පූර්ණයෙන් සකස් කර, නැවත පරීක්ෂාවකට ඉදිරිපත් කර සහතික කරගන්නා තෙක් එම වාහන ධාවනය කිරීම තහනම් කර තිබේ.