තීරණය වෙනස් කරමින් ට්‍රම්ප්, කැනඩාවට නව තීරු බදු පැනවීම කල් දමයි
By Mithu
ඇමෙරිකා එක්සත් ජනපදය සහ කැනඩාව අතර ඇති වූ මූලික එකඟතාවකට අනුව, කැනේඩියානු භාණ්ඩ සඳහා පැනවීමට තිබූ 50%ක නව තීරුබදු තාවකාලිකව දින 3ක කාලයකට අත්හිටුවීමට The Associated Press සහ Truth Social සමාජ මාධ්‍ය ගිණුම හරහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇත.
දෙරට අතර සාකච්ඡා සාර්ථක මට්ටමක පවතින බවත්, අදාළ ලියකියවිලි නිල වශයෙන් අවසන් කිරීමට යටත්ව මෙම පියවර ගත් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
කැනේඩියානු ප්‍රාන්ත විසින් ඇමෙරිකානු මත්පැන්, කිරි නිෂ්පාදන සහ වාහන අලෙවිය සම්බන්ධයෙන් සිදුකළ සීමා කිරීම් හා තහනම් කිරීම් මුල් කරගනිමින් මෙම 50%ක නව තීරුබදු පැනවීමට ඇමෙරිකාව සැලසුම් කර තිබුණි.
කෙසේ වෙතත්, මෙම දින 3ක සහන කාලය තුළ දෙරටේ නියෝජිතයන් අතර අවසන් ගිවිසුමට එළඹීමට නියමිත බව Financial Times සහ Al Jazeera වාර්තා කරයි.