බිහිසුණු ඝාතනයක් - මිතුරන් දෙදෙනෙක් අත්අඩංගුවට..

Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sithumi Jul 02, 2023 01:54 PM GMT
Sithumi

Sithumi

Report

පහරකෑමකට ලක් වූ තරුණයෙක්සූරියවැව ප්‍රදේශයේදී රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් තිබෙනවා.

වාර්තා වන පරිදි, අදාළ තරුණයා විසින් වතුර මෝටරයක් සොරකම් කිරීමට යාමේදී ප්‍රදේශවාසීන් විසින් ඔහු අල්ලාගෙන මෙම පහරදීම සිදු කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 27ක තරුණයෙක්.

පොලීසිය සිදුකළ වැඩි දුර විමර්ශනවලදී මරණකරු සමග පැමිණි බව කියන 23 සහ 33 යන වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනෙක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් මරණකරුට පහරදුන් පුද්ගලයන් මෙතෙක් හඳුනාගෙන නැහැ. ඔවුන් සොයා වැඩි දුර විමර්ශන ක්‍රියාත්මකයි.

ReeCha