අතුරුදන් වූ තරුණියගේ සිරුර දින 03කට පසු හමුවෙයි - (PHOTO)
Sri Lanka Police
Sri Lanka Police Investigation
Crime
By Sewvandhi
වැලිපැන්න පොලීසිය සඳහන් කළේ මීට දින 03කට පෙර අතුරුදන්වී සිටි 24 හැවිරිදි තරුණියගේ මළසිරුර අද ඇය දියේ ගිලී අතුරුදන්වූ බවට සැක කෙරුණු වැලිපැන්න ඇළේ මීගම තොටුපොළ ප්‍රදේශයේ කිලෝමීටර් 05ක් පමණ ඈතින් පිහිටි ඇළ ඉවුරක තිබී අද පස්වරුවේදී හමුවූ බවය.
ඇයගේ පියා පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන්ව ඇත්තේ එම තරුණිය පසුගිය 27 වනදා රාත්‍රියේ සිට අතුරුදන් වු බවත් ඇය නිවසේ පිටුපස දොරෙන් පිටව ගොස් තිබූ බවත්ය.
වැලිපැන්න හිජ්රා මාවතේ පදිංචිව සිටි මොහොමඩ් අමීන් ෆාතිමා අස්මියා නමැති 24 හැවිරිදි තරුණියගේ මළසිරුර මෙලෙස හමුවී ඇත.
