මිලියන 400ක් වටිනා රත්රන් තොගයක් හමු වෙයි - රන් කුඩු ආලේප කළ ඇදුම් 30ක් ද ඒ අතර..

Bandaranaike International Airport Sri Lanka
By krishani Dec 09, 2022 06:06 AM GMT
krishani

krishani

Report

කටුනායක ගුවන් තොටුපලෙන් දිවයිනට පැමිණි ශ්‍රී ලාංකිකයින් 04 දෙනෙකු නීතිවිරෝධීව රැගෙන ආ රත්‍රං කිලෝ 22 කට ආසන්න ප්‍රමාණයක් රේගුව භාරයට ගෙන ඇත.

ඉන්දියාවේ ආදායම් බුද්ධි ආයතනය විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලබාදුන් තොරතුරකට අනුව රුපියල් මිලියන 400කට ආසන්න වටිනාකමකින් යුත් මෙම රත්‍රං තොගය සොයාගෙන ඇත්තේ.

ගමන් මළු තුළ එම රත්‍රං රන් ආභරණ, ද්‍රව මෙන්ම වර්ණ ගැන් වූ රන් කුඩු කරල් ලෙස ද සකසා සඟවා තිබී ඇත.

එසේම රන් කුඩු සූක්ෂම ලෙස ආලේප කළ ඇඳුම් 30ක් ද මෙහි දී සොයා ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා කියා සිටියේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha