ජනාධිපතිවරණයට අදාළ මාධ්‍ය උපමාන නිකුත් වෙයි

Election Commission of Sri Lanka Sri Lanka Social Media Election
By Wayomi Aug 06, 2024 06:25 AM GMT
Wayomi

Wayomi

Report

ජනාධිපතිවරණයට අදාළ මාධ්‍ය මාර්ගෝපදේශ මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය ද ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වෙනවා.

ජනාධිපතිවරණ සමයේදී ප්‍රවෘත්ති වාර්තාකරණය, අනෙකුත් වාර්තාකරණ වැඩසටහන්, දේශපාලන වැඩසටහන් සහ ප්‍රචාරක කටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව මාධ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා නියෝජිත පිරිසක් පත් කෙරේ.

මැතිවරණ කොමිෂන් සභාව විද්‍යුත් මාධ්‍ය සමාගම්, වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය වෙබ්මාස්ටර්වරුන් සහ මුද්‍රිත මාධ්‍ය සඳහා වෙනම මාධ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර ඇත.

මේ අතර ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාලය ලබන 9 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා දීර්ඝ කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.

එම කාලය ඊයේ (05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබුණද තැපැල් කාර්යාලයෙන් සිදුවන ප්‍රමාදයන් සහ කොමිෂන් සභාවට කළ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව මැතිවරණ කොමිෂන් සභාව දන්වා සිටියේය.

මේ අතර, ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව මැතිවරණ කොමිසම දැනුම් දී තිබෙනවා..

එමෙන්ම ජනාධිපතිවරණයට අදාළව දිස්ත්‍රික් මට්ටමින් සහ ජාතික මට්ටමින් පැමිණිලි භාරගැනීම සඳහා වෙනම ඒකකයක් පිහිටුවා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙනවා.

ReeCha