2023 ලෝක කුසලාන මෞලි මංගල්‍යයේ කාසිය වාසිය දිනූ ඔස්ට්‍රේලියාවට තරඟ බිමට පෙවිසියේ මෙලෙසින්.

Report

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මෞලි මංගල්‍යය ලෙස සැළකෙන අවසන් මහා තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට අද ඔස්ට්‍රේලියාව සමත් වුණා.

ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ඔස්ට්‍රේලියාව ඉන්දියාවට ආරාධනා කළා.

10ක් මාස එකහමාරකට ආසන්න කාලයක් තරග 48කදී උරෙන් උර ගැටී අවසානයේ භාරත දේශය අපරාජිතව මෙවර ලෝක කුසලානයේ අවසන් මහා තරගයට පිවිසියා.

මුල් තරග දෙක පරාජය වුවත්, අනතුරුව සහභාගී වූ තරග 8 ම ජය ගෙන ඔස්ට්‍රේලියානුවන් ඉන්දියාව සමඟ සටන් වදින්නට අද සූදානමින්.

පස්වරක් ලෝක ශූරයින් ලෙස අභිෂේක ලබා සිටින ඕස්ටේලියාව සිය, හය වැනි එක්දින ලෝක කුසලානයමාන බලද්දී , වසර 12කට පසු සිය මව්බිමේදී එක්දින ලෝක කුසලානයක් ජයගන්න ඉන්දියාව මාන බලනවා.