2022 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ඇරඹේ.(LIVE)
නිදහස් ශ්‍රී ලංකාවේ 76 වන අයවැය, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ වී තිබෙනවා.
එය පහතින් නරඹන්න.
එසේම, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවේ දෙවන අයවැය ලේඛනයයි.
මේ අනුව අයවැය දෙවන වර කියවීමේ විවාදය සෙනසුරාදා ආරම්භ වී දින 7ක් පැවැත්වෙන අතර, දෙවන වර කියැවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 22 වැනි දා සිදු කෙරෙනු ඇති.
2022 අයවැය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝම්බර් 7 වැනි දා මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.
ඒ අනුව ලබන වසරේ රජයේ සමස්ත වියදම වන්නේ රුපියල් බිලියන 5,128ක්. අයවැය ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අද සිට අයවැය විවාදය හා ඡන්ද විමසීම පැවැත්වෙන දෙසැම්බර් 10 වැනි දා තෙක් කාලය තුළ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක සඳහන් කළේ.
අයවැය විවාදය පැවැත්වෙන කාල සීමාව තුළ මහජන ගැලරිය මහජනතාව සඳහා විවෘත නොවන අතර, රාජ්‍ය නිලධාරීන් සිමීත පිරිසකට පමණක් අයවැය කාරක සභාවට සහභාගි වීමට අවසර ලබා දී තිබෙනවා.
ආරාධිත විදේශ රාජ්‍ය තාන්ත්‍රික තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් වෙනුවෙන් අද විශේෂ අමුත්තන්ගේ ගැලරිය විවෘත කෙරෙන බවයි පාර්ලිමේන්තු මහ ලේකම්වරයා කියා සිටියේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
