ශ්‍රී ලංකාවම ශෝකයෙන් වෙළී ගිය, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සිව් වසරයි.

Report

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අද(21) දිනට සිව් වසරක් ගත වේ.

ඒ අනුව අද(21) කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය දක්වා ජන පවුරක් නිර්මාණය කිරිමට කතෝලික සභාව සැලසුම් කර ඇත.

එමෙන්ම පෙරවරු 8.45 ට ප්‍රහාරයෙන් මියගිය අය සිහිකරමින් විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් ද පැවැත්වීමට නියමිතයි.

මේ අතර ඊයේ පස්වරුවේ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් මුනිදුන්ගේ දේවස්ථානයේ දී දිව්‍ය පූජාවක් පැවැත්විණ.

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා දිනයේ ලංකාවේ කතෝලික හා ක්‍රිස්තියානි පල්ලි තුනක් ද, කොළඹ සුඛෝපභෝගී හෝටල් තුනක් ද ඉලක්කකර ඉස්ලාමීය ත්‍රස්තවාදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල විය.

එදිනම, දෙමටගොඩ පිහිටි නිවාස සංකීර්ණයක ද, දෙහිවල පිහිටි ලැගුම්හලක ද පිපිරීම් වාර්තා විය.

කෙසේවෙතත් සමස්ථ ප්‍රහාරයෙන්, විදේශිකයන් 45 දෙනෙකු, පොලිස් නිලධාරීන් තිදෙනෙකු, සහ බෝම්බකරුවන් අටදෙනා ද ඇතුළුව පුද්ගලයින් 277 දෙනෙකු මරණයට පත් වූ අතර තවත් 500කට අධික පිරිසක් තුවාල ලැබීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join