රාජ්‍ය සේවකයින්ට අද සිට රුපියල් 20000ක් ලැබෙයි..?දීප ව්‍යාප්තව කරන්න යන දේ මෙන්න..
රාජ්‍ය සේවකයන් අද (12) දීප ව්‍යාප්තව අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව ප්‍රකාශ කර තිබෙනවා.

ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්, අදාළ වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා මේ බව ප්‍රකාශ කළා.
මෙලෙස රාජ්‍ය සේවකයන් සඳහා අවම වශයෙන් 20,000ක දීමනාවක් ලබා දෙන ලෙස ඉල්ලමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවයි පැවසෙන්නේ.