ලංකාවේ තත්ත්වයත් නරක අතට හැරෙයි - භයානක රෝගයක් හිස ඔසවයි - දරුවන්ට ඇති දරුණු අවදානම ගැන සෞඛ්‍ය අංශයෙන් හෙළිදරව්වක්

Report

ජාත්‍යන්තර තැලසීමියා රෝග දිනය මැයි මස 8 වෙනිදා යෙදී තිබුණු අතර ඒ සම්බන්ධයෙන් පැවැත්වූ මාධ්‍ය හමුවට එක් වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂක වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම මහතා ඔහුගේ අදහස් පළ කළේය.

ඔහු වැඩිදුරටත් පවසන්නේ මෙරට තැලිසීමියා රෝගීන් 2500ක් පමණ වාර්තා වී ඇති අතර වාර්ෂිකව දරුවන් 45ත් 60ත් අතර ප්‍රමාණයක් තැලසීමියා තත්ත්වය සමඟ උපදින බවයි.

මාරාන්තික වෛරස් දෙකක් එකට පැතිරෙයි - ලෝක සෞඛ්‍ය සංගමයෙන් ලොව පුරා සිටින සෞඛ්‍ය අමාත්‍යවරුන්ට අනතුරු ඇගවීමක්

මාරාන්තික වෛරස් දෙකක් එකට පැතිරෙයි - ලෝක සෞඛ්‍ය සංගමයෙන් ලොව පුරා සිටින සෞඛ්‍ය අමාත්‍යවරුන්ට අනතුරු ඇගවීමක්

එහිදී වැඩිදුර අදහස් දැක්වූ වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම මහතා,

"දැනට ශ්‍රී ලංකාවේ තැලසීමියා රෝගීන් 2500ක් පමණ වාර්තා වී තිබෙනවා. වාර්ෂිකව දරුවන් 45ත් 60ත් අතර ප්‍රමාණයක් “මහා තැලසීමියා” තත්ත්වය සමඟ උපදිනවා. සමහර අයට හිතෙන්න පුළුවන් මේ සංඛ්‍යාව වෙනත් රෝග සමඟ සසඳන විට ඉතා සුළු ප්‍රමාණයක් කියලා. නමුත් අපට තිබෙන ප්‍රධාන ගැටලුව වන්නේ, මෙම සංඛ්‍යාව ක්‍රමානුකූලව වැඩිවීමේ අවදානමයි. මේ රෝගය වළක්වා ගැනීමට නම් තැලසීමියා වාහකයන් දෙදෙනෙකු අතර විවාහ සිදුවීම අවම කළ යුතුයි. අද වසරකදී දරුවන් 60ක් පමණ මේ රෝගය සමඟ උපත ලැබුවත්, තවත් අවුරුදු දහයක් ගිය විට එම සංඛ්‍යාව 100 දක්වා ඉහළ යා හැකියි. ඒ නිසා අපගේ ප්‍රධාන කාර්යභාරය වන්නේ තැලසීමියා රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම සඳහා වැළැක්වීමේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමයි. ඒ නිසා තැලසීමියා වාහකයන් අතර සිදුවන විවාහ අවම කිරීම අපගේ ප්‍රධාන අරමුණක්. මේ සඳහා දැනට විශේෂ නීති නොමැති අතර, ජනතාව දැනුවත් කිරීම මඟින්ම මේ කාර්යය ඉදිරියට ගෙන යාමට සිදුවී තිබෙනවා. දැනට අපි රට පුරා සියලුම ජනතාව screen කිරීමක් සිදු කරන්නේ නැහැ. “Screen කිරීම” කියන්නේ පරීක්ෂා කිරීම. නමුත් තැලසීමියා වැඩිපුර වාර්තාවන දිස්ත්‍රික්ක හයක විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඒ අතර කුරුණෑගල, අනුරාධපුර, රාගම, මඩකලපුව සහ තවත් ප්‍රදේශ කිහිපයක් ප්‍රධානයි. මේ දිස්ත්‍රික්කවල තැලසීමියා ප්‍රතිකාර මධ්‍යස්ථානද පවත්වාගෙන යනවා. එම ප්‍රදේශවල පාසල් දරුවන් පරීක්ෂා කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක වෙනවා. වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කණ්ඩායම් පාසල් වෙත ගොස් දරුවන් පරීක්ෂා කරනවා. යම් අයෙකු තැලසීමියා වාහකයෙකු ලෙස හඳුනාගත් විට, ඒ සඳහා විශේෂ කාඩ්පතක් ලබාදෙනවා. මහජනතාව අතර පොරොන්දම් ගැලපීම ගැන විවිධ අදහස් තිබුණත්, අපි විශේෂයෙන්ම කියන්නේ විවාහයට පෙර තැලසීමියා පරීක්ෂණය අනිවාර්යයෙන් කරගත යුතු බවයි. ඒ මඟින් තමයි මේ රෝගය වළක්වා ගැනීමේ ප්‍රධාන හැකියාව ලැබෙන්නේ. දැනට හඳුනාගෙන ඇති රෝගීන් සඳහා රජයේ රෝහල්වල නොමිලේ ප්‍රතිකාර ලබාදෙනවා. රුධිර පාරවිලයනය, යකඩ තැන්පත් වීම අවම කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිකාර සහ ඖෂධ සියල්ලම නොමිලේ ලබාදෙනවා. නමුත් ඇටමිදුළු බද්ධ කිරීම වැනි ප්‍රතිකාර ඉතා සීමිත පිරිසකට පමණක් ලබාදිය හැකි අතර, එය පෞද්ගලික අංශයේදී සිදු කළහොත් විශාල මුදලක් වැය වෙනවා. අපිට තවදුරටත් screen කිරීමේ අවශ්‍යතාවය වැඩිවෙලා තිබෙනවා. දැනට හඳුනාගෙන ඇති දිස්ත්‍රික්කවල මෙම වැඩසටහන් ක්‍රියාත්මක කළත්, රට පුරාම ඒවා ප්‍රචලිත කිරීමට තවමත් හැකියාවක් ලැබී නැහැ. ඒ නිසා තමයි අපි නැවත නැවතත් කියන්නේ විවාහයට පෙර මේ පරීක්ෂණය කරගන්න කියලා. මේක විශාල වියදමක් යන දෙයක් නොවෙයි. රජයේ රෝහල්වල ඉතා පහසුවෙන් කරගන්න පුළුවන්. සාමාන්‍ය Full Blood Count පරීක්ෂණයක් මඟින් පවා තැලසීමියා පිළිබඳ සැකයක් හඳුනාගත හැකියි. එවැනි සැකයක් ඇති වුවහොත් ඉහළ මට්ටමේ රෝහලකට ගොස් වැඩිදුර පරීක්ෂණ මඟින් තහවුරු කරගන්න පුළුවන්. තැලසීමියා සහිත දරුවෙකුගේ ජීවිතය සාමාන්‍ය දරුවෙකුගේ ජීවිතයට වඩා අභියෝග රැසකට මුහුණ දීමට සිදුවන ජීවිතයක්"

වෙසක් උත්සවයට දන්සැල් දෙන්නද ඉන්නේ? අති විශේෂ පණිවිඩයක් - දැන්ම ලියාපදිංචි වෙන්න

වෙසක් උත්සවයට දන්සැල් දෙන්නද ඉන්නේ? අති විශේෂ පණිවිඩයක් - දැන්ම ලියාපදිංචි වෙන්න

මෙම හමුවට එක්වෙමින්, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය සහ කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජිත වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වන්නට විය.

"සිදුවන්නේ අපේ රතු රුධිර සෛලවල ආයු කාලය අඩුවීමයි. එය එම සෛලවල ඇති දුර්වලතාවයක් නිසා සිදුවන අතර, මෙම තත්ත්වය ජානමය රෝගයක් ලෙස හඳුන්වයි. මෙම රෝගය ඇතිවීමට ජාන දෙකක් අවශ්‍ය වේ. එනම්, මව්පිය දෙදෙනාගෙන්ම දෝෂිත ජානයක් දරුවාට ලැබිය යුතුය. එසේ වූ විට තමයි තැලසීමියා රෝගී තත්ත්වය ඇතිවන්නේ. සාමාන්‍යයෙන් මෙම රෝගය ඇති දරුවෙකු මාස කිහිපයක සිට අවුරුද්දක් අතර කාලයේදී රෝග ලක්ෂණ පෙන්වීමට ආරම්භ කරයි. දරුවාගේ ක්‍රියාකාරකම් අඩුවීම, වර්ධනය මන්දගාමී වීම වැනි ලක්ෂණ දක්නට ලැබේ. එවැනි අවස්ථාවලදී අවශ්‍ය පරීක්ෂණ සිදු කර රෝගය හඳුනාගත හැකිය. දැනට මෙම රෝගය සම්පූර්ණයෙන් සුව කළ හැකි ප්‍රධාන ක්‍රමය වන්නේ ඇටමිදුළු බද්ධ කිරීමයි. නමුත් එය පහසුවෙන් කළ හැකි ප්‍රතිකාරයක් නොවන අතර, විශේෂිත වයස් සීමාවකදී පමණක් සිදු කරයි"

මේ අතර, අනුරාධපුර තැලිමීසියා ඒකකයේ රක්තවේදී විශේෂඥ වෛද්‍ය චතුර්මා පියරත්න මහත්මියද මේ සම්බන්ධයෙන් අදහස් දක්වන්නට විය.

"තැලසීමියා කියන්නේ රුධිරය හා සම්බන්ධ ජානගත රෝගී තත්ත්වයක්. අපේ රුධිරයේ තිබෙන රතු රුධිරාණු මඟින් තමයි ශරීරයට අවශ්‍ය ඔක්සිජන් ප්‍රවාහනය කරන්නේ. මේ රතු රුධිරාණුවල ප්‍රධාන ප්‍රෝටීනයක් වන හිමොග්ලොබින් නිසි ආකාරයෙන් හෝ නිසි ප්‍රමාණයෙන් නිපදවීමේ ගැටලුවක් ඇති වූ විට තැලසීමියා රෝගය ඇතිවෙනවා. මේක ලේ අඩු වීමක්, එනම් නිරක්තියක් ඇති කරන රෝගයක්. නමුත් මෙය බෝවන රෝගයක් නොවෙයි. රුධිරය හරහා හෝ ස්පර්ශයෙන් වෙනත් කෙනෙකුට පැතිරෙන්නේ නැහැ. මෙය දෙමව්පියන්ගෙන් දරුවන්ට ජාන මඟින් සම්ප්‍රේෂණය වන රෝගයක්. සමහර අවස්ථාවල දෙමව්පියන්ට රෝග ලක්ෂණ නොපෙන්වුවත් ඔවුන් තැලසීමියා වාහකයන් විය හැකියි. වාහකයන් දෙදෙනෙකු විවාහ වී දරුවෙකු ලැබූ විට, එම දරුවාට මහා තැලසීමියා තත්ත්වය ඇතිවීමේ අවදානමක් පවතිනවා. ඒ වගේම සමහර දරුවන් වාහකයන් ලෙස උපදින අතර, තවත් දරුවන් සම්පූර්ණයෙන් නිරෝගීව උපදිනවා"