බිහිසුණු අනතුරකින් ජීවිතයෙන් සමුගත් සහීල්
By Kaushi
ගලෙන්බිදුණුවැව හොරව්පොතාන ප්‍රධාන මාර්ගයේ 10 කණුව අසලදී අද (13) දින යතුරුපැදියකින් ගමන් ගත් තරුණයෙකු බස් රථයක ගැටී ජීවිතක්ෂයට පත්ව ඇත.
ඒ අනුව මහදිවුල්වැව සිට තඹලගමුව දෙසට ධාවනය වූ බස් රථයක ගැටී මෙසේ අනතුර සිදුව ඇත.
අනතුරින් මියගොස් ඇත්තේ හොරව්පොතාන, කපුකොල්ලාව අනවිළුන්දන් ප්‍රදේශයේ පදිංචි අවුරුදු 19ක එහියා උල්මුදීන් සහීල් අහමඩ් බව හෙළි වී ඇත.
මේ වන විට මියගිය තරුණයාගේ දේහය ත්‍රිකුණාමලය මහා රෝහලට ගෙන ගොස් ඇත.
එමෙන්ම අනතුර සම්බන්ධයෙන් මොරවැව පොලිීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.