කාසල් රෝහලේ පළමු දෙබිඩි දරු උපතක්

Report

කොළඹ කාසල් පාර කාන්තා රෝහලේ මේ සතියේ මුලදී ඒකාබද්ධ නිවුන් ගැහැණු දරුවන් දෙදෙනෙකු සාර්ථකව උපත ලබා ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා තහවුරු කළේය.

මෙය මෑත ඉතිහාසයේ එම රෝහලේ වාර්තා වූ පළමු ඒකාබද්ධ නිවුන් උපත වීම විශේෂත්වයකි.

මෙම දරු උපත පසුගිය 10වෙනිදා සිදුව ඇති අතර මෙම දැරියන් දෙදෙනාගේ මව පන්නල ප්‍රදේශයේ පදිංචි 29හැවිරිදි කාන්තාවක් බව අධ්‍යක්ෂවරයා පැවසුවේය. 

තත්පර 50 කට කෝටි 5ක් - බුකිය කැළඹු නයන් ගැන අලුත්ම ආරංචිය මෙන්න

තත්පර 50 කට කෝටි 5ක් - බුකිය කැළඹු නයන් ගැන අලුත්ම ආරංචිය මෙන්න

එක් දැරියකගේ උපත් බර කිලෝ 2යි ග්රෑම් 200ක් වන අතර දරු දෙදෙනා කිලෝ 4 ග්රෑම් 400කින් යුතු නිරෝගිව ඉපදී ඇතැයි වෛද්‍ය දන්තනාරායන පැවසුවේය.  

දරුවන් දෙදෙනා කොළඹ ලේඩි රිජ්වේ ළමා රෝහලේදී තව මාස තුනකින් වෙන් කිරීමේ සැත්කමකට භාජනය කිරීමට නියමිත බව රෝහල් බලධාරීන් පැවසීය.

භයානක රෝගයක් 5දෙනෙක්ගෙන් එක් අයෙකුට තියෙනවලු

භයානක රෝගයක් 5දෙනෙක්ගෙන් එක් අයෙකුට තියෙනවලු

“නිවුන් දරු උපත් රෝහල්වල අසාමාන්‍ය නොවුණත්, ඒකාබද්ධ නිවුන් උපතක් කසල් පාර රෝහලේ මෑතකදී වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි.” – වෛද්‍ය අජිත් තණ්ඩනාරායන

මව සහ දරුවන් දෙදෙනාම නිරෝගීව සිටින අතර, රෝහලේ විශේෂ රැකවරණ ඒකකයේ නිරීක්ෂණයට භාජනය වෙමින් සිටිති.

අපි රැළිය තියන්නේ මේනිසයි මේ පාර නම් ආණ්ඩුවට බේරීමක් නෑ පුතේ - නාමල් කියයි

අපි රැළිය තියන්නේ මේනිසයි මේ පාර නම් ආණ්ඩුවට බේරීමක් නෑ පුතේ - නාමල් කියයි