“වරෙන්තුකාරයොත් ශාසනේට ඇතුළුවෙලා" - ශාසනය අනතුරක - භයානක අනාවරණයක් මෙන්න [VIDEO]

Report

බුද්ධ ශාසනයේ පැවැත්මට උද්ගත වී ඇති බරපතල තර්ජන සහ ශාසන විරෝධී කුමන්ත්‍රණ පිළිබඳව ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් දැනුවත් කිරීම සඳහා ශාසන විමර්ශන මහා සභාව විසින් භික්ෂූන් වහන්සේලා පිරිසක් මහනුවරට වැඩම කළහ.

එහිදී මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් වෙත කරුණු 12කින් යුත් සන්දේශයක් භික්ෂූන් වහන්සේලා විසින් පිළිගන්වනු ලැබීය.

IMF කිව්වටත් වඩා වැට් ගහලා ආණ්ඩුවට ඕන තරම් සල්ලි තියෙද්දිත් මේපාර මිලියන 1330ක් අඩුකරලා - අමාත්‍යාංශ‍යක මුදල් කැපුවට සජිත්ට මළ පනී

IMF කිව්වටත් වඩා වැට් ගහලා ආණ්ඩුවට ඕන තරම් සල්ලි තියෙද්දිත් මේපාර මිලියන 1330ක් අඩුකරලා - අමාත්‍යාංශ‍යක මුදල් කැපුවට සජිත්ට මළ පනී

උන්වහන්සේ මෙහිදී සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයේ ප්‍රධාන කරුණු ටික ලෙස;

තමන් මහනායක පදවියට පත්වූ මුල් කාලයේදීම මල්වතු පාර්ශ්වයේ ස්වාමීන් වහන්සේලා 15 දෙනකු ගෙන්වා කථිකාවත් ගෙන ඒමට (අනුශාසක ක්‍රමයක් ස්ථාපිත කිරීමට) උත්සාහ කළ නමුත්, කිසිදු පාලනයකින් සහාය නොලැබුණු බවත්, ඇතැම් සංඝයා වහන්සේලාම විරුද්ධ වූ බවත් පැවසූහ.

“තවත් වසර 25ක් ගත වුණොත්, අනුරාධපුරයේ සංඝරාජ හිමියන්ගේ කාලයේ සිටි ගණින්නාන්සේලා සිටින කාලයක් උදාවනවා” - එනම් අනුශාසනා රහිත, අක්‍රමික භික්ෂූන්ගේ ආධිපත්‍යයක් ඇති විය හැකි බවත් අටමස්ථානයේදීම පෙරනිමිති කළ බවත් උන්වහන්සේ අවධාරණය කළහ.

පාර්ලිමේන්තුව මැද කාන්තා මන්ත්‍රිනියට අපහාස - සුජීව සේනසිංහ මන්ත්‍රී ප්‍රසිද්ධියේ සමාව ගන්න ඕනේ

පාර්ලිමේන්තුව මැද කාන්තා මන්ත්‍රිනියට අපහාස - සුජීව සේනසිංහ මන්ත්‍රී ප්‍රසිද්ධියේ සමාව ගන්න ඕනේ

“වරෙන්තුකාරයොත් ශාසනයට ඇතුළු වෙලා. භාවනා කරනවා කියලා කැලේට වැදිලා, සිරුරේ පච්ච කොටාගත් අයත් සිටිනවා.”

මෙවැනි අක්‍රමික පුද්ගලයින් ශාසනයට ඇතුළු වීම වැළැක්වීමට හැඳුනුම්පත් ක්‍රමයක් යෝජනා කළ නමුත්, ඒ සඳහාද බාධා එල්ල වූ බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

මල්වතු මහනාහිමියන්ගේ පූර්ණ ප්‍රකාශය සහ සන්දේශය පිළිගැන්වීමේ උත්සවයේ වීඩියෝව මෙහි නරඹන්න:

මල්වතු මහනාහිමියන්ගේ සම්පූර්ණ කථාව මෙතනින් (සමාජ මාධ්‍යවල වෛරල් වෙමින් පවතී)

ලංකාවටත් බෝම්බ තර්ජනක්? ඉන්දියා පකිස්තාන් බෝම්බ පිපිරීම අපිටත් බලපායිද

ලංකාවටත් බෝම්බ තර්ජනක්? ඉන්දියා පකිස්තාන් බෝම්බ පිපිරීම අපිටත් බලපායිද